Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 චන්දිමාල් ඉවතට දමා නායකත්වය මාලිංගට

චන්දිමාල් ඉවතට දමා නායකත්වය මාලිංගට

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 62 Comment
A A A

විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (3 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවත වරක් ලසිත් මාලිංගටම පැවරෙනු ඇතැයි වාර්තා වේ. එසේ වන්නේ නම් අද තරගයේදී දිනේෂ් චන්දිමාල් කී‍්‍රඩා නොකරනු ඇත.

”ඔව් එහෙම වෙන්න පුළුවන්...”

”නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී කණ්ඩායම ජයගත්තේ අසීරු අවස්ථාවකට මුහුණ දීමෙන් පසුවයි. ඒ වගේ තත්ත්වයක ඉඳලා දිනපු කණ්ඩායමක් වෙනස් කරන එක හොඳ මදි” යයි නායකත්වය සම්බන්ධයෙන් කළ විමසීමේදී කණ්ඩායමේ ප‍්‍රකාශකයෙක් අද (3 වැනිදා) පෙරවරුවේදී පැවසීය.

මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් චිතගොන් නුවරදී තරග තහනමකට ලක්වූ අතර ඒ වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරගත්තේ ලසිත් මාලිංගයි.

අද පැවැත්වෙන තරගය ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් වුවහොත් අවසන් තරගයේදීත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගටම පැවරෙනු ඇතැයිද කියැවේ.


අදහස් (62)

චන්දිමාල් ඉවතට දමා නායකත්වය මාලිංගට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.