Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 චින්තනට රිදී පදක්කමක්

චින්තනට රිදී පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) ශ‍්‍රී ලංකාව රන් පදක්කමක් අපේක්ෂාවෙන් පසු වු බර ඉසිලීමේ ක‍්‍රීඩක චින්තන ගීතාල් විදානගේට රිදී පදක්කමකින් සෑහීමට පත්වීමට සිදුවිය. අද (7) පැවැති බර ඉසිලීමේ තරගවල කිලෝග‍්‍රෑම් 77 බර පංතියට සහභාගි වු චින්තන, කිලෝග‍්‍රෑම් 300 ක (ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 133 ක් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට 167) බර ප‍්‍රමාණයක් එසවීය.

චින්තනට අභියෝගයක් වෙමින් රන් පදක්කම දිනාගත් ඉන්දීය ක‍්‍රීඩක අජේ සිං කිලෝග‍්‍රෑම් 305 ක බර ප‍්‍රමාණයක් එස වුයේ ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 136 ක් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රැම් 169 ක දස්කමක් දක්වමිනි.

පකිස්තානයේ උමාර් රසූල් (කි.ග‍්‍රෑ.281) එම බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

2006 වසරේදී  ඕස්ටේ‍්‍රලියාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනා ගනිමින් ශ‍්‍රී ලංකාවේ බර ඉසිලීමේ ක‍්‍රීඩාව නව මාවතකට ගෙන ගිය චින්තන, 2010 නවදිල්ලි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.


- 090

 


අදහස් (0)

චින්තනට රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.