Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 එංගලන්තයට කොඩිවිණයක් වූ ඓතිහාසික සරදම

එංගලන්තයට කොඩිවිණයක් වූ ඓතිහාසික සරදම

ශනුක අරවින්ද - 2017 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අවසන් වන්නට ඔන්නට මෙන්න තිබියදී ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර පිළිබඳ අපූරු සටහනක් ෆේස්බුක් සමාජ ජාලයේ පළවී තිබිණ.


“1947 කණ්ඩායම නැවත එකතුවීම” යනුවෙන් එහි සඳහන් විය.


එය තවත් පැහැදිලි කරගන්නේ නම් මෙසේය.


ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසාන පූර්ව තරගවලට සුදුසුකම් ලැබූ කණ්ඩායම් තුනක්ම දකුණු ආසියානු කලාපයේ රටවල් වන අතර වසර 70 කට පමණ පෙර එම කණ්ඩායම් තුන නියෝජනය කරන රටවල් එක් රටක්ව පැවැතියේය. මේ වන විට වෙන් වෙන්ව තරග කරන නමුත් පාකිස්තානයත් දෙවැනි අවසාන පූර්ව තරගයට එක්වන බංග්ලාදේශය සහ ඉන්දියාවත් එකම රටක්ව පැවැතියේය. එහෙත් බල තණ්හාවත් දේශපාලනික බල අරගලයත් නිසා ඒ තනි රට හෙවත් ඉන්දියාව පසුව ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යනුවෙන් රටවල් තුනක් ලෙසින් වෙන්වී ගියේය.


ක්‍රිකට් ක්‍රීඩාව ආසියාවට ගෙන එන්නේ හිරු නොබසින අධිරාජ්‍යයෙනි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් ක්‍රිකට් ක්‍රීඩාව දායාදයක් ලෙසින් ලැබෙන්නේය.


 මහා අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් 1947 දී ඉන්දියාව නිදහස අත්පත් කරගත් නමුත් බි්‍රතාන්‍යයේ මැදිහත්වීමෙන් මුස්ලිම් බහුතරයක් වෙසෙන එහි උතුරු කොටස පාකිස්තානය ලෙසත් හින්දු ජාතිකයන් බහුතරයක් වෙසෙන දකුණු කොටස ඉන්දියාවත් වශයෙන් රටවල් දෙකක් නිර්මාණය විය.


බි්‍රතාන්‍යයේ  ඉන්දියාව හෙවත් ‘බි්‍රටීෂ් ඉන්දියා” මෙලෙස වෙන් කිරීමට බි්‍රතාන්‍ය  අධිරාජ්‍යය පියවර ගත්තේය. 1947 වසරේ අගෝස්තු 14 සහ 15 වැනිදා වනවිට ඉන්දියාව සහ පාකිස්තානය වශයෙන් නිල වශයෙන් රටවල් දෙකක් ලෙස නම් කෙරුණි. ඉන්දු පාකිස්තාන අර්බුදය තවමත් තිබෙන අතර බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ බෙදීම හේතුවෙන් තවත් නව රාජ්‍යයක් ඇතිවීමට මුල පුරන ලදි.


බි්‍රතාන්‍යයන් ඉන්දියාව බෙදා වෙන් කිරීමේදී බෙංගාල කොටසට නැගෙනහිරින් තිබූ ප්‍රදේශය පාකිස්තානයට හිමිවිය. එය නැගෙණහිර පාකිස්තානය ලෙස හැඳින්විණ. පාකිස්තාන පාලනය විසින් නැගෙනහිර පාකිස්තානය නොසලකා හැරීම නිසා සන්නද්ධ අරගලයකින් පසුව ස්වාධීන බංග්ලාදේශයක් නිර්මාණය වීමට හේතුවිය. ඒ අනුව 1971 දී බංග්ලාදේශය යනුවෙන් වෙනම රටක් නිර්මාණය විය.
අද වනවිට ඉන්දියානු අර්ධද්වීපයේ මිනිසුන්ගේ ජීවිත හා ක්‍රිකට් එකිනෙක බැඳී පවතින්නේ ඔවුන් ජීවත්කරවන හුස්ම පොදක් මෙනි. මිනිසුන්ගේ ජීවිතවල මොනයම් ප්‍රශ්න තිබුණද ඉන්දියාවේ, පාකිස්තානයේ, බංග්ලාදේශයේ පමණක් නොව ශ්‍රී ලංකාවේද ක්‍රිකට් යනු මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන ඖෂධයක් බවට පත්ව තිබේ. මොන තරම් දුක් කම්කටොළු තිබුණ ද මේ රටවල ජනතාවගෙන් ක්‍රිකට් තරගයක ප්‍රතිඵලය හෝ දැනගැනීමට සියලු දෙනාම උත්සුක වෙති.


එසේ වුවත් බි්‍රතාන්‍යයන් විසින් ඉන්දියානු උපමහද්වීපයට දායාද කරන ලද ක්‍රිකට් ක්‍රීඩාව අද ඔවුන්වම පාරාවළල්ලක් වී තිබේ.


1992 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානය හමුවේ ලද පරාජය හේතුවෙන් ලෝක කුසලානයක ජයපැන් බීමේ අවස්ථාව එංගලන්තයට අහිමි විය.


1996 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් එංගලන්තය ආපසු හරවා යැව්වේ ශ්‍රී ලංකාවයි. එදා සනත් ජයසූරියගේ පිත්තෙන් රිදෙන්න බැට කෑ එංගලන්තයට ආ ගිය අත සොයාගත නොහැකි වූයේය.


2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු පිල හමුවේ කඩුලු 8 කින් ලද පරාජය හේතුවෙන් එංගලන්තය පැරණි ඉරණමටම යළිත් මුහුණ දුන්නේය. එයින් කියැවෙන්නේ ශූරයන්ගේ කුසලානය තවදුරටත් ආසියාවේම රැඳෙන බවයි.
දශක කිහිපයකට පෙර එක්ව සිටි ජනතාවක්, අද වන විට බෙදී වෙන්ව සිටියද ශූරයන්ගේ කුසලානය ආසියාවේම රඳවාගැනීමේ අභිමානය උදෙසා ඔවුන් එකාවන්ව තරග වදින ස්වභාවයක් පෙනෙන්නට තිබේ.


බටහිර ඉන්දීය දූපත් අතර ඇත්තේ එකිනෙකට වෙනස් දේශපාලන සහ පරිපාලන ව්‍යූහයකි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔව්හු අදටත් එක්ව තරග වදිති. ජැමෙයිකාව, වින්වර්ඞ්ස් දූපත්, ශාන්ත ලුසියා, ග්‍රෙනඩාව, බාර්බඩෝස්, ටි්‍රනිඩෑඞ් සහ ටොබේගෝ යන දූපත් මෙන්ම දකුණු ඇමරිකානු මහාද්වීපයට අයිති ගයනාවත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පද්ධතියට අයත් වෙයි. 70 දශකයේ අග සිට දශක එක හමාරකට වැඩි කාලයක් ක්‍රිකට් පිටියේදී බි්‍රතාන්‍යයන් තලාපෙළා දැමුවේ ගයනාවෙන් බිහිවූ ලොව පරසිඳු නායක ක්ලයිව් ලොයිඞ්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් කණ්ඩායමයි.

 

දැන් එංගලන්තය පරාජය වී හමාරය.  මෙවරත් එක්කෝ පාකිස්තානය, නැතහොත් ඉන්දියාව හෝ බංග්ලාදේශය  විසින් ශූරයන්ගේ කුසලානය හිමිකරගනු ඇත.


තමන්ව භේද බින්න කළ අධිරාජ්‍යයෙන් ඉගෙන ගත් ක්‍රීඩාවෙන්ම ඔවුන්වම තලා පෙළා දැමීම දෛවයේ සරදමකි. ක්‍රීඩාවකින් හෝ එලෙස සටන් වැදීම ඉතිහාසය නැවත නැවත මතක් කිරීමක් හැර අන් කවරක්ද ?


කාල් මාර්ක්ස් වරෙක මෙසේ කීවේය.


“ඉතිහාසය නැවත නැවත සිදුවෙනවා. ඉතිහාසය පළමුව ශෝකාන්තයක් ලෙසත් දෙවනුව ප්ර්හසනයක් ලෙසත් නැවත නැවත සිදුවෙනවා”


අදහස් (0)

එංගලන්තයට කොඩිවිණයක් වූ ඓතිහාසික සරදම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.