Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 100x4 රන් පදක්කම් දෙකම ශී‍්‍ර ලංකාවට

100x4 රන් පදක්කම් දෙකම ශී‍්‍ර ලංකාවට

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද දිනයේ (10 වැනිදා) පැවැත්වෙන මලල කී‍්‍රඩා තරග වලදී තවත් රන් පදක්කම් 3 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ සමත් වූහ.

එහිදී පිරිමි මීටර් 800 තරගය විනාඩි 1:52.46 කින් නිමා කළ ඉඳුනිල් හේරත් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය. තවද පිරිමි සහ කාන්තා 100x4 ඉසව්වල රන් පදක්කම් ද්විත්වයද ශ්‍රී ලංකාවට හිමිවිය.

හිමාෂ ඒෂාන්, මොහොමඞ් අෂ්රොෆ්, ෂෙහාන් අඹේපිටිය, විනෝජ් සුරංජය සිල්වා, එස්. එල්. වික‍්‍රමසිංහ සහ උමංග සුරේන්ද්‍ර යන කී‍්‍රඩකයෝ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට ඇතුළත්ව සිටි අතර රුමේෂිකා රත්නායක, චමාලි ප‍්‍රියදර්ශනී, ශ්‍යාමිලා ලක්ෂිකා විදානදුරුගේ සහ ලක්ෂිකා සුගන්ධි යන කී‍්‍රඩිකාවෝ කාන්තා කණ්ඩායම ඇතුළත්ව සිටිහ.

ඊට අමතරව අද පස්වරුවේ පැවැති තරග වලදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගැනීමටද ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

එහිදී කාන්තා මීටර් 400 ඉසව්ව තත්ත්පර 54.40 කින් අවසන් කරමින් එහි රිදී පදක්කම දිනාගැනීමට චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක සමත් වූ අතර කාන්තා තුන් පිම්ම ඉසව්වේදී මීටර් 13.18 ක දුරක් පනිමින් එහි රිදී පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වූවාය.

අද පැවැති තරග වලදී ලෝකඩ පදක්කම් දිනාගැනීමට ඞී. එල්. සමරජීව (කාන්තා මීටර් 1000 - විනාඩි 30:22.54) සහ ඔමායා උදයංගනී (කාන්තා මීටර් 400 - තත්ත්පර 54.70) යන කී‍්‍රඩිකාවෝ සමත් වූහ.


- 036

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (2)

100x4 රන් පදක්කම් දෙකම ශී‍්‍ර ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.