Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලසිත් මාලිංග විසින් අවසන් ඕවරය ලකුණු 4 කට සීමා කිරීම නිසා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති සිව්වැනි එක්දින තරගයේදී එංගලන්තය පරදවා ලකුණු 7 ක තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම කිරීමටද සංචාරක ශ්‍රී ලංකා පිලට හැකි විය.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 172 ක අති විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා පිල ලබාගත් මෙම ජයග්‍රහණයේ පදනම දැමූහ.
ලකුණු 301 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත කණ්ඩායම නියමිත ඕවර 50 අවසනදී ලකුණු 293 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර ඒ වන විට එංගලන්ත පිලේ කඩුලු 8 ක් බිඳ වැටී තිබිණ.
කඩුලු රකින පිතිකරු ජොස් බට්ලර් වික්‍රමාන්විත පිතිහරමයක නිරත වෙමින් පන්දු 74 කදී ලකුණු 121 ක් ලබාගත් නමුත් ලසිත් මාලිංග විසින් යවන ලද අවසන් ඕවරයේදී මාලිංග විසින්ම දුවද්දී දවාගැනීමත් සමග එංගලන්ත බලාපොරොත්තු අවසන් විය. එංගලන්ත ඉනිමේ හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 133 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ රවී බොපාරා සහ ජොස් බට්ලර් දෙදෙනා එංගලන්තයේ බලාපොරොත්තු සජීවීව ර‍්ඳවා ගත් නමුත් බොපාරා දැවී යත්ම බට්ලර් පිටියේ තනිවිය.
යන එංගලන්ත පිලේ ඉනිම ආරම්භයේදීම සසළ කළ ලසිත් මාලිංග සිය පළමු ඕවර දෙකේදීම ඇලිස්ටෙයාර් කුක් සහ ඉයන් බෙල් දවාගනිමින් එංගලන්තය අමාරුවේ දැමීය. එහෙත් 40 වැනි ඕවරය වන විට එංගලන්ත පිල නැවතත් තරගයට අවතීරණ වී සිටි අතර එංගලන්ත පිතිකරුවෝ ඉලක්කය යො යමින් සිටියහ.
තරගයේ ඕවර 40 ක් නිමා වන විට එංගලන්ත පිල කඩුලු 5 ක් දැවී ලකුණු 209 ක් ලබා සිටි අතර පිතිකරුවන්ගේ අධිවේගී ඕවර 5 න් ලකුණු 50 ක් ලබාගැනීමට රවී බොපාරා සහ ජොස් බට්ලර් සමත්වූහ.
ජෝ රූට් සහ ගැරී බැලන්ස් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් අජන්ත මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ සචිත්‍ර සේනානායක එක්ව ලකුණු 17 ක් ඇතුළතදී කඩුලු 3 ක් දවාගැනීම නිසා එංගලන්ත පිල අමාරුවේ වැටිණ. තරගයේ 30 වැනි ඕවරය වන විට එංගලන්ත පිතිකරුවන් දැඩි සේ පීඩනයට නතු වී සිටි අතර තරගය ජයගැනීමට නම් 35 වැනි ඕවරයේ සිට ලකුණු 142 ක් අවශ්‍යව තිබිණ.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 26 දී බිඳ වැටුණද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 172 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රීලංකා ඉනිමේ බර කරට ගත් කුමාර් සංගක්කාර (112) සහ තිලකරත්න ඩිල්ෂාන් (71) දෙදෙනාගේ පිතිහරඹය නිසා ඕවර 50 ක් නිමාවන විට කඩුලු 9 ක් දැවී ලකුණු 300 ක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 301 ක් රැස්කරන ලෙස එංගලන්ත පිලට අභියෝග කළහ.
මුලු ලකුණු සංඛ්‍යාව 233 ක් ව තිබියදී සංගක්කාර දැවී ගිය නමුත් ඇන්ජලෝ මැතිව්ස් (30) ඇතුළු පසුපෙළ පිතිකරුවෝ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 300 ක් දක්වා ඉහළ දැමූහ. ඉනිම නිමාවීමට පන්දු දෙකක් තිබියදී 9 වැනි කඩුල්ලත් බිඳ වැටුණ නමුත් අවසන් පන්දුව හතරේ සීමාවට යැවූ අජන්ත මෙන්ඩිස් එංගලන්ත පිල ලකුණු 300 පීඩනයට නතු කළේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ ස්ථානය සොයාගත් කුසල් ජනිත් පහයවැනි ඕවරයේදී දැවී යන විට පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 19 ක් ලබාසිටියේය.
එතැන් සිට එක්වූ සංගක්කාර සහ ඩිල්ෂාන් දෙදෙනා ඉතා පරෙස්සමෙන් තම කඩුලු ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකා පිල ඉදිරියට තල්ලුකරගෙන ගියහ.
ජේම්ස් ඇන්ඩසන් හමුවේ ඩිල් ස්කූප් පහරක් ගැසීමට යාමෙන් තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දු 109 ඉනිම නිමා වන විට ඊට හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ. ඩිල්ෂාන් තරමක් සෙමින් ලකුණු ලබාගත් නමුත් ඉතාමත් අලංකාර පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර පන්දු 104 කට මුහුණ දෙමින් ලකුණු 112 ක් ලබාගත්තේ හතරේ පහර 12 කින් එය අලංකාර කරමිනි.
තරගයේ 43 වැනි ඕවරයේදී ලකුණු වේගය වැඩි කිරීමේ අපේක්ෂාවෙන් තම සීමා ඉරෙන් ඉදිරියට පැමිණි සංගක්කාර ස්ටම්ප් කිරීමකට හසුවීමෙන් දැවී ගියේය.
36 වැනි ඕවරයේදී පිටියට පිවිසි මහේල ජයවර්ධන ආරම්භයේ සිටම විශාල පහර කරා යාමට උත්සාහ කළ නමුත් ඔහුට නිසි ලෙස කාලය මැනගැනීම අසීරු විය. එහෙත් අනතුරුව පැමිණි නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 30 කදී ලකුණු 30 ක් ලබාගත්තේ එංගලන්ත පන්දු යවන්නන් ඔහුගේ පා ඉන්න දෙසින් පන්දු යවමින් ඇතිකළ දැඩි පීඩනයටද මුහුණ දෙමිනි.
කාසියේ වාසිය දිනූ එංගලන්ත පිලේ නායක ඇලිස්ටෙයාර් කුක් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
පළමු තරග 3 සහභාගී නොවූ ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් සහ අජන්ත මෙන්ඩිස් මෙම තරගයේදී කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර ඔවුන් වෙනුවට දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.