Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මනස හදන්න ජෙරමි ගෙන්වයි

මනස හදන්න ජෙරමි ගෙන්වයි

ශනුක අරවින්ද - 2015 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික තත්ත්වය දියුණු කිරීමේ අරමුණින් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ මානසික වර්ධනය පිළිබදව මනෝවිද්‍යාඥයකු වන ජෙරමි ස්නේප් මහතාගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ස්නේප් මහතා පෙරවාරි මස 24 වැනිදා සිට මාර්තු මස 9 වැනිදා දක්වා දින 14 ක් ශී‍්‍ර ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතය. මෙහිදී ඒ මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ තනි පුද්ගල දස්කම් වර්ධනය කිරීමට නියමිත අතර ලෝක කුසලාන තරගාවලියේදී ක‍්‍රීඩකයන්ගේ උපරිම දායකත්වය කණ්ඩායමට ලබා දීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙයි.  

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ජෙරමි ස්නේප් මහතාගේ සේවය ලබා ගන්නා දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර ශ්‍රී ලංකාව ජය ලැබූ එංගලන්ත සංචාරයේදී ද ඒ මහතාගේ සේවය ශී‍්‍ර ලංකා පිලට ලබා ගත්තේය.  

-048


අදහස් (0)

මනස හදන්න ජෙරමි ගෙන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.