Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner සුවාරිස්ගේ ගෝලය සෞදියේ සිහින බොඳකරයි

සුවාරිස්ගේ ගෝලය සෞදියේ සිහින බොඳකරයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලුයිස් සුවාරිස් 23 වැනි මිනිත්තුවේදී, උරුගුවේ ජයග්‍රාහී ගෝලය වාර්තා කරමින් සෞදි අරාබියට එරෙහිව පැවැති තරගය ගෝල 1-0ක් ලෙස ජය ගැනීමට අද (20) සමත් විය. ‘ඒ ’ කාණ්ඩයේ තරගයක් වූ මෙය රුසියාවේ රොස්ටොව් ඇරෙනා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ලුයිස් සුවාරිස් ලබාගත් ගෝලයත් සමග උරුගුවේ වෙනුවෙන් ලෝක කුසලාන ත්‍රිත්වයකදී ගෝල වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවටද ඉතිහාසයට එක්විය. උරුගුවේ මෙම ජයග්‍රහණය ලැබූයේ සත්කාරක රුසියාව සමගින් ‘ඒ ’ කාණ්ඩයෙන් අවසන් කණ්ඩායම් 16 වටයට සේන්දුවීමට අවස්ථාව උදා කරගනිමිනි.

2010 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී, උරුගුවේ සහ කොරියාව අතර පැවති තරගය ගෝල 2-1 කින් ජයගැනීමට උරුගුවේ සමත්විය. උරුගුවේ කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවා ගෙනයමින් ලුයිස් සුවාරිස් තරගයේ වාර්තා වූ ගෝල ද්විත්වයම තමන් සතුකර ගැනීමට සමත් විය. 2014 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව උරුගුවේ ගෝල 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය. එහිදීද උරුගුවේ වෙනුවෙන් සුපුරුදු ලෙසින්ම වාර්තා වූ ගෝල ද්විත්වයම සුවාරිස් විසින් ලබා ගැනීම කැපීපෙණුනි. මෙවරද එලෙසින්ම තරගයට අවතීර්ණ වූ සුවාරිස් ජයග්‍රාහී ගෝලය වාර්තා කරමින් පිටපිටම තරගාවලි ත්‍රිත්වයකදී ගෝල රැස්කළ පළමු උරුගුවේ ක්‍රීඩකයා බවට ඉතිහාසයට එක්විය.

සෞදි අරාබියට මෙවර තරගාවලියේ  වැඩි දක්ෂතාවයක් පෙන්නුම් කිරීමට අවස්ථාවක් හිමිනොවූ අතර අද තරගයේ වැඩි ප්‍රමාණයක් පන්දුව උරුගුවේ ක්‍රීඩකයන් අතර දෝලනය වීමෙන් ගෝලයක් ලබා ගැනීමට සෞදියට තිබූ අවස්ථාව මගහැරී ගියේය.  

සෞදි අරාබිය ආරම්භක තරගයම සත්කාරක රුසියාව හමුවේ ගෝල 5-0ක් ලෙසින් දැවැන්ත පරාජයකට පත් වූ අතර, උරුගුවේ හමුවේද අද දිනයේ ලැබූ පරාජය හේතුවෙන් මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම සෞදි අරාබියට ඉවත්වීමට සිදුවිය.

තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමෙන් පසු උද්දාමයට පත් සුවාරිස් දරුවකු ලැබීමට සිටින සිය බිරිඳ සිහිපත් කළේ පන්දුව සිය කමිසය යට සඟවා, ජයග්‍රාහී ගෝලය සිප ගනිමින් කාගේත් අවධානය ඔහු වෙත යොමුකරගනිමිනි.

 

 

- 024


අදහස් (0)

සුවාරිස්ගේ ගෝලය සෞදියේ සිහින බොඳකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.