Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ස්පාඤ්ඤය දෙවැනි වටය අබියස

ස්පාඤ්ඤය දෙවැනි වටය අබියස

Nisanka Sandeepani - 2018 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉරානයේ බලාපොරොත්තු එහෙම පිටින්ම පිටියෙන් පිටතට වීසි කළ ස්පාඤ්ඤය ගෝල 1-0ක ජයක් වාර්තා කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට යාමට සූදානම් වන කණ්ඩායම් පෙළගැස්මේ ඉදිරියෙන්ම පෝලිම් ගැසීමට ඊයේ (20) සමත්විය. 

අවසන් 16 දෙනාගේ වටයට යාමට කුරුමානම් අල්ලන්නට වූ මේ දෙපිලම තරගයේ පළමු භාගය තුළ තියුණු සටනක නිරතවූ අතර එය නිමාවට පත්වූයේ ගෝල රහිතවමය. එහෙත් දෙවැනි භාගයේ 54 වැනි මිනිත්තුවේදී ඩියාගෝ කොස්තා වාර්තා කළ ගෝලය අන්තිමේදී තරගයේ එකම ගෝලය බවට පත්වූයේ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයක් අත්කර දෙමිනි.

වසර 2010දී පාපන්දු ලෝක කුසලානය දිනූ ස්පාඤ්ඤ කණ්ඩායම මෙවර තරගාවලිය ආරම්භ කළේ කළබගෑනි රැසක් මැදය. තරගාවලියේ ආරම්භයට ඔන්න මෙන්න කියා තිබියදී ඔවුන්ගේ කළමනාකාර පුහුණුකරු ජුලෙන් ලොපෙටෙගුයි තනතුරෙන් නෙරපා හැරීම නිසා ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් ඇතිවිය. එහෙත් ප්‍රබල පෘතුගාලය සමග පැවැති පළමු තරගයම ගෝල සමවීමකින් නිමා කරගැනීමට සමත්වූ ස්පාඤ්ඤය ඊයේ ඉරානය හා තරග කළේ ඉහළ දමාගත් මානසිකත්වයෙන් යුතුවය.

කසාන් අරීනා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී ඉරාන ක්‍රීඩකයන්ට ගෝලයක් වාර්තා කිරීමේ අවස්ථා කිහිපයක්ම එළැඹුණත් ඒවා සාර්ථක වූයේ නැත. කරිම් අන්සාරිෆාඞ් සහ මෙහ්දි ටෙරමි අතර පන්දුව පිරිනැමීම අන්තිමේදී ‘ඕෆ් සයිඞ්‘ අවස්ථාවක් ලෙස තරග විනිසුරුවරයා නම් කිරීම තීරණාත්මක එකක් විය. එසේ නොවුවානම් මේ තරගය නිමාවට පත්වීමට ඉඩ තිබුණේ සම තත්ත්වයෙනි.

මේ තරගයේ කෝස්තා වාර්තා කළ ගෝලයත් සමග මෙවර තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ රුසියාවේ ඩෙනිස් චෙරිශෙව් සමග දෙවැනි තැනට පත්විය. දැන් මේ දෙදෙනාම ගෝල 3 බැගින් ලබා සිටී. පෙරමුණේ පසුවන්නේ ඊයේ පැවැති අනික් තරගයේ එකම ගෝලය වාර්තා කරමින් පෘතුගාලයට ජයගෙනදුන් නායක  ක්‍රිස්ටියානෝ රොනල්ඩෝය. ඔහු දැන් ගෝල 4ක් ලබා සිටී.
ස්පාඤ්ඤයට අවසන් 16 දෙනා අතරට රිංගා ගැනීමට මොරොක්කෝව සමග 25 වැනිදා පැවැත්වෙන තරගය ජයග්‍රහණයකින් හෝ ජයපරාජයකින් තොරව නිමා කරගැනීම හොඳටෝම සෑහේ. 

- 077


අදහස් (0)

ස්පාඤ්ඤය දෙවැනි වටය අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.