Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ලුකාකු බෙල්ජියමට ජයගෙනෙයි

ලුකාකු බෙල්ජියමට ජයගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බෙල්ජියමේ රොමේලු ලුකාකුගේ ගෝල ද්විත්වය හමුවේ අසරණ වූ පැනමාව පළමු තරගයෙන්ම ගෝල 3-0 ක අහිමිරි පරාජයකට මුහුණ පෑමට අද (18 වැනිදා) සිදුවිය. ‘ජී ’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය රුසියාවේ ෆිෂ්ට් සෝචි ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

දෙවැනි භාගයේදී තරගය සම්පූර්ණයෙන්ම සියතට ගත් බෙල්ජියමේ රොමේලු ලුකාකු 69වැනි මිනිත්තුවේ සහ 75 වැනි මිනිත්තුවේදී ගෝල ද්විත්වයක් වාර්තා කරමින් මෙවර තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබාගත්තේය.

තරගයේ පළමු භාගයේ කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීමට අවකාශයක් හිමි නොවුණද, දෙවන භාගය ආරම්භ වී විනාඩි දෙකක් යාමට මත්තෙන් එනම් 47 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ බෙල්ජියමේ රොබෙටො මාටිනස් සිය පළමු ගෝලය වාර්තා කරමින් බෙල්ජියමේ බලාපොරොත්තු මල්ඵල ගැන්වීය.  

මංගල ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන පැනමාව ආරම්භක තරගයේදීම දරුණු පරාජයකට ඇද දැමූ බෙල්ජියමේ ලුකාකු 69 වැනි මිනිත්තුවේදී බෙල්ජියම වෙනුවෙන්  දෙවන ගෝලයද වාර්තා කළේය. ද බ්‍රයන් විසින් ආරක්ෂිතව පිරිනැමූ පන්දුව හිසෙන් දැල වෙත යොමු කරමින් ලුකාකු මෙම ගෝලය ලබා ගත්තේය.

තරගයේ 75 වැනි මිනිත්තුවේ අනෙත් අන්තයේ සිට පන්දුව රැගෙන ආ ලුකාකු ගෝල සීමාව ආසන්නයේදී පැනමාවේ කිසිවෙකු නොසිටීමෙන් පහසුවෙන්ම සිය දෙවැනි ගෝලය මෙන්ම එය තරගයේ තෙවන ගෝලය ලෙස වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.

බෙල්ජියම ජුනි 23 වැනිදා ටියුනීසියාව සමගින් දෙවන තරගයට සහභාගී වන අතර පළමු වටයේ අවසන් තරගය සඳහා ජුනි 28 වැනිදා එංගලන්තය සමගින් තරග වැදීමට නියමිතය. පැනමාවට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමග බෙල්ජියම  ‘ජී ’ කාණ්ඩයේ පෙරමුණ ලබා සිටියි.
 

- 024


අදහස් (0)

ලුකාකු බෙල්ජියමට ජයගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.