Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner රොනාල්ඩෝ යළිත් වැඩ පෙන්වයි

රොනාල්ඩෝ යළිත් වැඩ පෙන්වයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිස්ටියානෝ රොනාල්ඩා ලබාගත් ගෝලය හමුවේ මොරොක්කෝව සමගින් පැවති තරගයෙන් ගෝල 1-0 ජයක් ලැබීමට අද (20) පෘතුගාලය සමත් විය. ‘බී’ කාණ්ඩයේ මෙම තරගය රුසියාවේ ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ සිව්වන විනාඩියේදී, පෘතුගාල ක්‍රීඩක බර්නාඩෝ සිල්වා ආරක්ෂිතව ලබාදුන් පන්දුව හිස තුළින් දැල වෙත යොමුකළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මුළු තරගයේදී වාර්තා වූ එකම ගෝලය ලබමින් පළමු වටයේ පැවති දෙවැනි තරගයද ජය ගත්තේය. ස්පාඤ්ඤයට එරෙහිව පැවති පළමු තරගයේදී පෘතුගාලය වෙනුවෙන් වාර්තා වූ ගෝල ත්‍රිත්වයම සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලබාගත්තේය.

පෘතුගාගය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියකදි ගෝල 4ක් ලබාගත් දෙවන ක්‍රීඩකයා බවට පත් වීමටද ඊයේ ඔහුට හැකිවිය.  මීට පෙර 1966 වසරේ එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී පෘතුගාල ක්‍රීඩක එවුසෙබියෝ නෙටඞ් ගෝල 9ක් වාර්තා කර ඇත. රොනාල්ඩෝගේ නායකත්වයෙන් යුත් පෘතුගාල කණ්ඩායම මෙවර තරගාවලියේ අවසානය තෙක් ගමන් කළහොත් රොනාල්ඩෝට මෙම වාර්තාව අභිබවා යාමටද හැකියාව පවතී.

තරගයේ දෙවන භාගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත් අතර මොරොක්කෝවට ගෝලයක් වාර්තා කිරීමට තිබූ අවස්ථා සියල්ලම මඟහැරී යාම නිසා මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ තරග දෙකම අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට සිදුවිය.

තරගයේ 9 වැනි මිනිත්තුවේදී රොනාල්ඩෝ ගෝල සීමාව ආසන්නයේදී එල්ල කළ පා පහර මොරොක්කෝවේ දැල රකින්නා විසින් නැවැත්වීම නිසා එවරද ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව නූලෙන් මඟහැරී ගියේය.

තරගය පුරාවටම මෙහ්දි බෙනාටියා සහ යුනෙස් බෙල්සැන්ඩා මොරොක්කෝවේ හදගැස්ම මඳකට නතර කළත්, එයට පෘතුගාලයේ දැල රකින්නා අවස්ථාවක් ලබා නොදුන්නේය. පන්දුව වැඩි ප්‍රමාණයක් මොරොක්කෝවේ ක්‍රීඩකයන්ගේ  පා අතර දෝලනය වුවත්, තරගය ආරම්භයේදී රොනාල්ඩෝ ලබාගත් ගෝලය නිසා සියලු බලාපොරොත්තු අතහැර දැමීමට මොරොක්කෝවට සිදුවිය. තරගයේ එකම ගෝලය ලබාගත් රොනාල්ඩෝ තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.

අද තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්  78,000 කට ආසන්න සංඛ්‍යාවක් ලුෂ්නිකි ක්‍රීඩාංගණයට එක්රොක් වී සිටියහ. පෘතුගාලයේ මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබාසිටින අතර ඉරානය එහි දෙවන ස්ථානයේ පසුවෙයි. පෘතුගාලයේ පළමු වටයේ අවසන් තරගය මේ මස 25 වැනිදා ඉරානයට එරෙහිව  පැවැත්වීමට නියමිතය.

 


- 024

 


අදහස් (0)

රොනාල්ඩෝ යළිත් වැඩ පෙන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.