Last Update  :  2024-04-28 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner මෙක්සිකෝව ‘එෆ් ’ කාණ්ඩයේ ඉදිරියටම

මෙක්සිකෝව ‘එෆ් ’ කාණ්ඩයේ ඉදිරියටම

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරියාව සහ මෙක්සිකෝව අතර පැවැති තරගයෙන් ගෝල 2-1 ක ජයක් ලැබූ මෙක්සිකෝව මෙවර සහභාගී වූ තරග දෙකම ජයගනිමින් ‘එෆ් ’ කාණ්ඩයේ පෙරමුණ ලබාසිටියි. රුසියාවේ රොස්ටොව් ඇරෙනා ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණ.

දඬුවම් ප්‍රදේශයේදී සිය පන්දුව කොරියාවේ ජැන් හියුන්සෝගේ අතෙහි ස්පර්ශ වීම නිසා මෙක්සිකෝවට දඬුවම් පහරක් ප්‍රදානය කිරිමට තරග විනිසුරුවරයා තීරණය කිරීමත් සමග ලෝක කුසලාන මංගල ගෝලය සේම මෙක්සිකෝව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ කාලෝස් වෙලා තරගය ආරම්භයේදීම සියතට ගත්තේය.

නැවතත් ක්‍රියාත්මක වූ මෙක්සිකෝවේ ජවීර් හර්නැන්ඩිස් තරගයේ 66 වැනි මිනිත්තුවේදී, ලබාගත් ගෝලය හමුවේ මෙක්සිකෝව ගෝල 2-0 ලෙස පෙරමුණේ තැබීමට ඔහුට හැකියාව ලැබිණි. හර්නැන්ඩිස් අද (23) දිනයේ ලබාගත් ගෝලයත් සමගින් මෙක්සිකෝව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩකයා බවටද පත්විය. මෙම තරගයේ සිදුවූ වැදගත්ම සිදුවීම වන්නේ, හර්නැන්ඩිස් විසින් අද (23) වැනි දිනයකදීම බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී මෙලෙසින්ම ක්‍රෝඒෂියාවට එරෙහිව ගෝලයක් වාර්තා කර තිබීමය. එම තරගය ගෝල 3-1 කින් ජය ගැනීමට මෙක්සිකෝවට හැකියාව ලැබුණු අතර මෙවරද කොරියාව ගෝල 2-1 කින් පරාජයට පත් කරමින් අවසාන කණ්ඩායම් 16 දෙනාගේ වටයේ හිනිපෙත්තටම පැමිණ සිටී.

ලබාදුන් අමතර කාලයේදී කොරියාවේ සොන් හෙයුන්මින් ගෝලයක් වාර්තා කළද, එවිටමත් තරගයේ ජයග්‍රහණය මෙක්සිකෝව වෙත හැරී අවසන් වී තිබිණ.

ජර්මනිය සහ මෙක්සිකෝව අතර පැවැති තරගය ගෝල 1-0 කින් ජයගත් මෙක්සිකෝව මෙවර තරගාවලිය ආරම්භයේදීම ප්‍රබලයන්ට අභියෝගයක් එල්ල කරන්නට විය. ගියවර ශූරයන් මෙවර තරගාවලියේ විශාල පසුබෑමකට ලක්වී ඇති අතර අද(23) මධ්‍යම රාත්‍රියේ ස්වීඩනය සමග තරගයෙන් ඔවුන්ගේ ඉරණම තීරණය වනු ඇත.

ප්‍රසාද ලකුණු 6ක් සමගින් මෙක්සිකෝව ‘එෆ් ’ කාණ්ඩයේ පෙරමුණේ පසුවෙද්දී, ලකුණු 3 ක් ලබා ස්වීඩනය එහි දෙවන ස්ථානයේ සිටියි. ස්වීඩනයට එරෙහිව ජර්මනිය පරාජයට පත්වුවහොත් මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ජර්මනියට ලෝක කුසලානයට තිත තැබීමට සිදුවනු ඇත.

(ලකුණු සටහන අද මධ්‍යම රාත්‍රී 12.45 තෙක් පමණි)

 

- 024


අදහස් (0)

මෙක්සිකෝව ‘එෆ් ’ කාණ්ඩයේ ඉදිරියටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.