Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner පෝලන්තය ඉවතට - කොලොම්බියාව ඉදිරියට

පෝලන්තය ඉවතට - කොලොම්බියාව ඉදිරියට

Nisanka Sandeepani - 2018 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනා අතරට එක්වීමට පෝලන්තයට තිබූ බලාපොරොත්තුව කසාන් ක්‍රීඩාංගණයට ඉහළින් පා කර හරමින් ගෝල 3-0ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කොලොම්බියාව සමත් විය.

මේ තරගයේ 70 වැනි මිනිත්තුවේදී සිය මංගල ලෝක කුසලාන ගෝලය වාර්තා කළ රඩාමෙල් ෆැල්කෝ තරගයේ  වඩාත්ම ප්‍රීතිමත් ක්‍රීඩකයා බවට පත්වූ අතර 40 වැනි මිනිත්තුවේදී කොලොම්බියාවේ පළමු ගෝලය යැරී මිනා වාර්තා කළේ සුපිරි ක්‍රීඩක ජේම්ස් රොඩ්රිගස් පිරිනැමූ පන්දුවෙනි. 

ෆැල්කෝ මීට වසර හතරකට පෙර ආබාධයකට ලක්වීම නිසා  බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන තරගාවලිය අහිමිවූ අතර ඊයේ තරගයේදී සිය කණ්ඩායමේ විශාලතම බලාපොරොත්තුවක් බවට පත්විය. 

සිය පළමු තරගයෙන් ජපානය හමුවේ අනපේක්ෂිත ලෙස ගෝල 2-1ක පරාජයක් උරුමකරගත් කොලොම්බියාව ඊයේ තරගයේදී සිය ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ දැමුවේ පසුගිය වතාවේදී මෙන් මෙවරත් අවසන් පූර්ව වටයට සේන්දුවීමේ අනාවැකි පළ කරමිනි.

තරගයේ 75 වැනි මිනිත්තුවේදී ජූ කුවඩ්‍රාඩෝ වාර්තා කළ ගෝලයත් සමග කොලොම්බියාවේ ජයග්‍රහණය තහවුරු වූ අතර පෝලන්තය මෙවර තරගාවලියෙන් ඉවතට විසිවූ පළමු යුරෝපීය කණ්ඩායම බවට පත්විය.

පෝලන්ත - කොළොම්බියා පාපන්දු තරගය අවසන් වීමෙන් පසු ‘එච්‘ කාණ්ඩයේ ලකුණු සටහන

-077


අදහස් (0)

පෝලන්තය ඉවතට - කොලොම්බියාව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.