Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner පේරු රාජ්‍යය දිනුවත් එළියට

පේරු රාජ්‍යය දිනුවත් එළියට

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් 16 දෙනාගේ වටයට ප්‍රවිෂ්ට වීමේ ඕස්ටේ්‍රලියාවේ ගමන වළක්වමින් ඔවුන් ගෝල 2-0 කින් පරාජයට කිරීමට අද (26) පැවති ලෝක කුසලාන පාපන්දු තරගයේදී පේරු රාජ්‍යය සමත් වුවත්,  ඔවුන්ටද අවසන් 16 දෙනාගේ වටයේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය. ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය වූ මෙය රුසියාවේ ෆිෂ්ට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

තරගයේ 18 වැනි මිනිත්තුවේදී, පේරු ක්‍රීඩක ඇන්ඩි්‍ර කාරිල්ලෝ ලබාගත් ගෝලයත් සමගින් ඕස්ට්‍රේලියාවට අවසන් 16 වටයේ බලාපොරොත්තුව බොඳවී ගියේය. 

තරගයේ 27 වැනි මිනිත්තුවේදී, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇරෝන් මූයි දියත් කළ පා පහර පේරු දැල රකින්නාගේ පාදයේ වැදී ගෝල සීමාවෙන් පිටතට විසිවීම නිසා එවරද ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ඕස්ටේ්‍රලියාවට මගහැරී ගියේය. 

දිගින් දිගටම ඕස්ට්‍රේලියාව ගෝල සීමාව ආසන්නයටම පන්දුව ගෙනගියත් එයින් එක අවස්ථාවක්වත් සාර්ථක කර ගැනීමට ඔවුන්ට අද හැකියාව නොලැබුණි. තරගයේ 34 වැනි මිනිත්තුවේදීද ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ඕස්ටේ්‍රලියාවට මගහැරී යාම නිසා පළමු භාගයේ ගෝල 1-0 කින් පෙරමුණ ගැනීමට පේරු රාජ්‍යය සමත් විය. 

නැවතත් දෙවන භාගය ආරම්භ වී විනාඩි 5කට පසු එනම් 50 වැනි විනාඩියේදී සම්පූර්ණයෙන්ම තරගය පේරු රාජ්‍යය වෙත හරවාගත් පෝලෝ ජියෝරෙරෝ නැවතත් ගෝලයක් වාර්තා කරමින් පේරු රාජ්‍යයේ ජයග්‍රහණයට පාරකපා දුන්නේය. 

පේරු රාජ්‍යය 1930 පළමු ලෝක කුසලාන තරගාවලියේ සාමාජිකයෙකු වුවත් ඔවුන් ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබා ඇත්තේ පස් වතාවක් පමණි. තවමත් ලෝක කුසලානයක පහස විදීමට ඔවුන්ට හැකියාවක් ලැබී නොමැති අතර 1970 වසරේ අවසන් කණ්ඩායම් 8 දෙනාගේ වටයට පැමිණීමට පේරු රාජ්‍යයට හැකියාව ලැබී ඇත. 

ඕස්ට්‍රේලියාව මෙම තරගය පරාජය වීමත් සමග මෙවර ‘සී’ කාණ්ඩයේ අවසානය තෙක් පහළ බසිද්දී, පේරු රාජ්‍ය ලකුණු 3ක් සමග එහි තෙවන ස්ථානයට පත්විය. මෙවර තරගාවලියෙන් ඕස්ටේ්‍රලියාව සහ පේරු රාජ්‍ය මූලික වටයෙන්ම ඉවත් වෙද්දී, ප්‍රංශය සහ සහ ඩෙන්මාර්කය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. 

- 024


අදහස් (0)

පේරු රාජ්‍යය දිනුවත් එළියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.