Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ප්‍රංශය - ඩෙන්මාර්කය 16 දෙනාගේ වටයට

ප්‍රංශය - ඩෙන්මාර්කය 16 දෙනාගේ වටයට

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ අවසන් තරගයට සහභාගී වූ ප්‍රංශය සහ ඩෙන්මාර්කය ගෝල නොලබාම තරගය සමකර ගැනීම නිසා අවසාන 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට කණ්ඩායම් දෙකම අද (26) සමත් විය. මෙම තරගය රුසියාවේ ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

මෙවර තරගාවලියේ ගෝල නොලබාම තරගයක් අවසන් වූ පළමු තරගය බවට මෙය පත්විය. ප්‍රංශය මෙවර පළමු වටයේ සහභාගී වූ තරග 3න් දෙකක් ජයගනිමින් මෙම තරගය සමව විසඳා ගැනීම නිසා ප්‍රසාද ලකුණු 7ක් සමගින් ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ලබා ගත්තේය. ප්‍රසාද ලකුණු 5ක් ලබාගත් ඩෙන්මාර්කය ඊයේ තරගය සම කිරිමත් සමග මෙවර තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට වාසවන්ත විය. පේරු රාජ්‍ය ඊයේ ඕස්ටේ්‍රලියාවට එරෙහිව ගෝල 2-0 කින් තරගය ජය ගත්තද, අවසන් 16 දෙනා අතරට පැමිණීමට අවස්ථාව  හිමි නොවීය. 

මිට පෙර ලෝක කුසලාන තරගාවලියකදී, ගෝල නොලබාම තරගයක් සමවී ඇත්තේ තරග 26 කට පසුවය. නමුත් මෙවර කණ්ඩායම් දෙකක් ගෝල නොලබාම තරගයක් සමකරගනු ලැබුවේ තරග 36 කට පසුව වීම විශේෂත්වයකි. 

ප්‍රංශය ‘ඩී ’ කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම සමගින් ජුනි 30වෙනිදා කසාන් ක්‍රීඩාංගණයේදී 16 දෙනාගේ වටයේදී මුණගැසීමට නියමිතය. එම කාණ්ඩයේම (ඩී) දෙවන ස්ථානයට පත්වන කණ්ඩායම සමගින් ඩෙන්මාර්කය ජූලි 1 වැනිදා 16 දෙනාගේ වටයට මුහුණ දීමට නියමිතය. 

- 024


අදහස් (0)

ප්‍රංශය - ඩෙන්මාර්කය 16 දෙනාගේ වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.