Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner නේමාර් - කවුටිනෝ බ්‍රසීලය රැකගනිති

නේමාර් - කවුටිනෝ බ්‍රසීලය රැකගනිති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රසීලයේ ජයග්‍රහණය සොයාගිය නේමාර් සහ ෆිලිප් කවුටිනෝ තරගයේ අමතර කාලයේදී ගෝල රැස් කරමින් කොස්ටරිකාව ගෝල 2-0 කින් පරාජය කිරිමට අද  (22 වැනිදා) සමත් විය. ‘ඊ ’ කාණ්ඩයේ තරගයක් වූ මෙය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

91 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ බ්‍රසීලයේ ෆිලිප් කවුටිනෝ සම්පූර්ණයෙන්ම තරගය කනපිට හරවමින් බ්‍රසීලයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත් විය. සම්පූර්ණ කාලයම කණ්ඩායම් දෙකම ආරක්ෂා කර ගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසානය තෙක් රැගෙන ගියද, බ්‍රසීලයේ නේමාර් සහ කවුටිනෝ යන ප්‍රහාරාත්මක ද්විත්වය සටනේ අවසාන මිනිත්තුව තෙක්ම තරගය අත් නොහරින පාටක් දක්නට නොලැබුණි.

තරගයේ නිමාව පෙනිපෙනීත් 97 වැනි මිනිත්තුවේදී, මෙවර ලෝක කුසලානයේ පළමු ගෝලය වාර්තා කිරීමට නේමාර් සමත්විය.

සිය 56 වැනි ගෝලය වාර්තා කළ නේමාර් බ්‍රසීලයේ රොමේරියා ද සොයිසා පසු කරමින් බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්ගේ සටහනේ තෙවැන්නා බවට පත්විය. සුප්‍රකට පේලේ ගෝල 77කුත් රොනාල්ඩෝ ලුයිස් ගෝල 62කුත් ලබා මෙහි පළමු හා දෙවන ස්ථානයන්හි තවමත් රැඳී සිටී.

තරගය පුරාවටම නේමාර් ගෝලයක් ලබා ගැනීමේ උන්මාදයෙන් පසුවූ අතර දෙවන භාගය ආරම්භ වී විනාඩි 11 කට පසු නේමාර් දියත් කළ පා පහර කෙළින්ම ගෝල කණුවේ ඉහළ අන්තයේ ගෑවී නොගෑවී පිටියෙන් ඉවතට විසිවීම නිසා නැවතත් කොස්ටරිකාවට යම් බලාපොරොත්තුවක් තබා ගැනිමට හැකි විය. නේමාර්ට මනා සහයක් ලබාදුන් කවුටිනෝ 57 වැනි මිනිත්තුවේදී නැවතත් ගෝල සීමාව ආසන්නයටම රැගෙන ආ පන්දුව දැල වෙතට වේගයෙන් යොමු කළත් කොස්ටරිකාවේ දැල රකින ක්‍රිඩක කිලෝ නවාස් ආරක්ෂිතව පන්දුව නවතා ගැනීම නිසා එවරද කොස්ටරිකාව නූලෙන් බේරා ගැනීමට හැකියාව ලැබිණ.

තරගයේ වැඩි ප්‍රමාණයක් පන්දුව කොස්ටරිකාවේ දැල රකින්නාගේ සීමාවේ දෝලනය වීම නිසා කොස්ටරිකාවට ගෝලයක් රැස් කිරීමට අවස්ථාවක් හිමි නොවීය. 91 වැනි මිනිත්තුවේදී ෆිලිප් කවුටිනෝ ලබාගත් ගෝලයට බ්‍රසීලයේ ක්‍රීඩයන් සිව්දෙනෙකුම පූර්ණ දායකත්වය ලබාදෙනු දක්නට ලැබුණි. ගැබි්‍රල් ජෙසුස් හිසින් යොමු කළ පන්දුව රොබේටෝ ෆර්මිනෝගේ පාදයේ වැදී ෆිලිප් කවුටිනෝගේ පා දෙසට යොමු වීම නිසා කෙළින්ම පන්දුව දැල වෙත යොමු කරමින් සාමුහිකත්වයේ ගෝලයක් ලෙසින් වාර්තා කළේය.

පසුගිය පෙබරවාරි මස පාදයේ ආබාධයට ලක්වූ නේමාර් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසාන  ක්‍රීඩකයන් 23 දෙනාගේ සංචිතයට කැඳවීමට තේරුම් කමිටුව පියවර ගත් අතර එයින් උපරිම ප්‍රයෝජන ලබාගත් නේමාර් තරගයේ නිමාව පෙනිපෙනීත් ඩග්ලස් කොස්ටා පිරිනැමූ පන්දුව කෙළින්ම දැලවෙත මුදා හරිමින් මෙවර තරගාවලියට අවතීර්ණ විය.

මෙවර තරගාවලියේ ප්‍රබලයන් රැසක්ම මූලික වටයේදී සුපුරුදු රිද්මයට නොපැමිණීම නිසා පරාජය වැළඳ ගැනීමට සිදු විය. අද (22) තරගයද බ්‍රසීලය ජය නොගත්තානම් ඔවුන්ද එම කාණඩයේ සාමාජියන් වීමට බොහෝ සේ ඉඩ තිබිණ. ඊයේ (21) ක්‍රෝඒෂියාව හමුවේ ගෝල 3-0ක දැවැන්ත පරාජයක් ලැබූ ආජන්ටිනාවට මෙවර තරගාවලියේ පළමු වටයේදීම අවදානම ගැනීමට සිදුවිය. ගියවර ශූරයන් වූ ජර්මනියද පළමු තරගය පරාජයට පත්වීම නිසා කෝඩුකාරයන් සේම කලකට පසු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත් රටවල් මෙවර වැඩ පෙන්වමින් සිටී.

ස්විට්සර්ලන්තයට එරෙහිව බ්‍රසීලය සහභාගී වූ පළමු තරගයම ගෝල 1-1  කින් සමකර ගත් අතර අද (22) තරගයද ජයගනිමින්  ‘ඊ ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට බ්‍රසීලය සමත් විය.

 

 

- 024


අදහස් (0)

නේමාර් - කවුටිනෝ බ්‍රසීලය රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.