Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ඩෙන්මාර්ක - ඕස්ට්‍රේලියා තරගය සමවෙයි

ඩෙන්මාර්ක - ඕස්ට්‍රේලියා තරගය සමවෙයි

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව අතර රුසියාවේ සමාරා ඇරෙනා ක්‍රීඩාංගණයේදී  අද (21) පැවති තරගය ගෝල 1-1 ක් ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ඩෙන්මාර්කය මෙවර තරගාවලිය ආරම්භයේදීම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පේරු රාජ්‍යයට එරෙහිව ගෝල 1-0 ක ජයක් ලැබීය. ඊයේ තරගයද ජය පරාජයෙන් තොරව විසඳා ගැනීම නිසා ඩෙන්මාර්කය මේ වන විට ‘සී ’ කාණ්ඩයේ පෙරමුණ ලබා සිටී. 

නමුත් ඕස්ට්‍රේලියාව මෙවර සහභාගී වූ පළමු තරගය ප්‍රංශය හමුවේ ගෝල 2-1 කින් පරාජයට පත්වීමත්, ඊයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමත් සමඟ තරගාවලියේ ඉදිරියට යාම පිළිබඳ දැඩි අවධානමකට පත්ව සිටී. 

ඕස්ට්‍රේලියාවට මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 දෙනා අතරට එක්වීමට බලාපොරොත්තුවක් තබාගත යුතු නම් පේරු රාජ්‍ය සමගින් පැවැත්වෙන තරගය ජය ගැනීම අනිවාර්්‍ය වේ. ‘සී’ කාණ්ඩයෙන්ම තරග වදින ප්‍රංශයද සහභාගී වූ පළමු තරගය ජය ගනිමින් මෙවර තරගාවලියට හොදින් අවතීර්ණ වී සිටී.  

තරගය ආරම්භ වී විනාඩි 6කට පසු තරගයේ පළමු ගෝලය වාර්තා කළ ඩෙන්මාර්කයේ ක්‍රිස්ටියන් එරික්සන් තරගය ආරම්භයේදීම තම පිල පෙරමුණේ තැබීමට සමත් විය. නැවතත් 24 වැනි මිනිත්තුවේදී නිකලොයි ජෝගෙන්සන්ට ගෝලයක් ලබා ගැනිමට තිබූ අවස්තාව මඟහැරී ගියේ හිසෙන් එලල කළ පහර ගෝල සීමාවෙන් පිටතට විසිවී යාම නිසාය. 

තරගයේ 38 වැනි මිනිත්තුවේදී ගෝල සිමාව ආසන්නයේදී ඩෙන්මාර්කයේ යුරාරිගේ අතෙහි පන්දුව වැදීම නිසා ඕස්ට්‍රේලියාවට දඬුවම් පහරක් ලබා දීමට තරග විනිසුරුවරයා තීරණය කළේය. දඬුවම් පහරෙන් නිසි ප්‍රයෝජන ලබාගත් ඕස්ට්‍රේලියාවේ මිල් ජෙඩිනැක් ගෝලයක් වාර්තා කරමින් තරගය සම තත්වයට ගෙනාවේය. 

නැවතත් 72 වැනි මිනිත්තුවේදී ඕස්ට්‍රේලියාවේ ටොම් රොජික්ට ලබා ගැනීමට තිබූ ගෝල අවස්ථාව මගහැරී යාම නිසා තරගයේ අවසන් බලාපොරොත්තුවද මග හැරී ගියේය. මෙම තරගය ඕස්ටේලියාවට ජය ගැනිමට හැකියාව තබුණද, ලබාදුන් අවස්ථා සියල්ල මගහැරි යාම නිසා මෙවර තරගාවලියේ තව දුරටත් රැදී සිටීම පිළිබඳ අවධානමක් ගැනීමට ඔවුන්ට සිදුවිය. ප්‍රංශය හා පේරු රාජ්‍ය අතර පවතින තරගය අද ප්‍රංශය ජයගතහොත් ලකුණු සටහනේ පෙරමුණ ලබාගනිමින්  අවසාන  කණ්ඩායම් 16 දෙනා අතරට සේන්දු විමට ප්‍රංශයට හැකියාව ඇත. 

ඩෙන්මාර්කයේ ක්‍රිස්ටියන් එරික්සන් තරගයේ වීරයා ලෙස නම් කෙරුණු අතර ඩෙන්මාර්කයේ පළමු වටයේ අවසන් තරගය ජුනි 26 වැනිදා ප්‍රංශයට එරෙහිව පැවැත්වීමට නියමිතය. 

 

- 024


අදහස් (0)

ඩෙන්මාර්ක - ඕස්ට්‍රේලියා තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.