Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ජර්මනියට අලුත් බලාපොරොත්තුවක්

ජර්මනියට අලුත් බලාපොරොත්තුවක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝනි කෘස් අතිරේක කාලයේදී ලබාගත් ගෝලයත් සමග 2-1 කින් ස්විීඩනය පරාජය කළ ජර්මානු කණ්ඩායම බ්‍රසීලයෙන් පසුව පාපන්දු ලෝක කුසලානය පිට පිට දෙවතාවක් දිනාගත් පළමු රට බවට පත්වීමේ බලාපොරොත්තු ඉහළ දමාගත්තේය.

ගෝල 1-1 ක් ලෙස ජයපරාජයෙන් තොරව නිමාවන බවක් පෙන්නුම් කරමින් තිබූ තරගයේ තීරණාත්මක මොහොත එළැඹියේ නියමිත කාලයෙන් පසුව ලබාදුන් අතිරේක කාලයේදීය. දඬුවම් පහර පිරිනැමෙන සීමාවේ සිටි කෘස් දැල තුළට පන්දුව යොමුකළේ ස්විීඩනයේ ගෝල් රකින්නා මුළාවන ආකාරයෙනි.

මේ අසිරිමත් මොහොතේදී ජර්මානු ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩාලෝලීන්ද මහත් උද්දාමයෙන් යුතුව සතුට සමරද්දී ස්වීඩනයේ ක්‍රීඩාලෝලිහු හඬා වැළපෙන්නට වූහ. එහෙත් සැබැවින්ම මෙක්සිකෝව ප්‍රසාද ලකුණු 6ක් ලබා දැනට පෙරමුණ ගෙන ඇති ‘එෆ්‘ කාණ්ඩයෙන් අවසන් 16ට යන කණ්ඩායම බවට පත්වීමට ජර්මනියට මෙන්ම ස්විඩනයටත් තවත් අවස්ථාවක් හිමිවී තිබේ. එය තීරණය කෙරෙන්නේ බදාදා (27) ස්වීඩනය මෙක්සිකෝව සමගත්, ජර්මනිය දකුණු කොරියාව සමගත් තරග කරන ආකාරය අනුවය.

තරගයේ පළමු භාගය නිමාවෙද්දී ගෝල 1-0 කින් ස්වීඩනය පෙරමුණ ගනිද්දී කවුරුත් සිතුවේ සොචී හී ෆිෂ්ට් ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී ජර්මනියට අඳුරු රාත්‍රියක් උදාවනු ඇති බවයි. එහෙත් අන්තිමේදී කෘස්ගේ ගෝලයෙන් ජර්මනියේ ඉරණම විසඳිණ.

2014  තරගාවලියේදී ආර්ජන්ටිනාව පරාජය කරමින් ලෝක කුසලාන දිනාගත් ජර්මනිය ඊයේ රාත්‍රියේ ලබාගත් ජයග්‍රහණයත් සමගින් අලුත් බලාපොරොත්තුවක් ඇතිකර ගත්තේය. එනම් පාපන්දු ලෝක කුසලානය පිට පිටම දෙවතාවක් ජයගැනීමයි. 1958 සහ 1962 වසර වලදී පිට පිටම පාපන්දු ලෝක කුසලානය දිනාගත් බ්‍රසීලයෙන් පසුව මෙතෙක් කිසිම කණ්ඩායමක් එවන් හපන්කමක් කර නැත.

තරගයේ 32 වැනි මිනිත්තුවේදී ස්විඩනය පෙරමුණ ගත්තේ ස්වීඩන් පිලේ වික්ටර් ක්ලේසෙන් පිරිනැමූ පන්දුව ගෙන ප්‍රතිවාදී දැල වෙත යොමුකළ ටොයිවොනෙන් පළමු ගෝලය ලබාගත්තේය. ඉන් අනතුරුව ඔවුන් ජර්මානු ක්‍රීඩකයන් පීඩනයකට ඇද දැමූ අයුරු පෙන්නුම් කළේ 1938 තරගාවලියෙන් පසුව ජර්මානුවන් පළමු වටයේදීම ඉවතට විසිවන පළමු අවස්ථාව මෙය වනු ඇති බවට ඉඟි කරමිනි.

එහෙත් දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 3 කට පසුව මාර්කෝ රියුස්  ලබාගත් ගෝලයත් සමග තරගය 1-1 කින් සමකරගත් ජර්මානුවෝ බලාපොරොත්තු ඉහළ දමාගත්හ. අතිරේක කාලයේදී ටෝනි සිටි කෘස් දැල තුළට පන්දුව යොමුකළේ ස්විීඩනයේ ගෝල් රකින්නාට සිතාගැනීමටවත් කාලයක් ඉතිරි නොකරමිනි.


- 077

 


අදහස් (0)

ජර්මනියට අලුත් බලාපොරොත්තුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.