Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ජපානය අවසන් මොහොතේ තරගය සමකරයි

ජපානය අවසන් මොහොතේ තරගය සමකරයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේ කෙසුකී හොන්ඩා 78 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝලයත් සමගින් ගෝල 2-2 ක් ලෙස සෙනගාලයට එරෙහිව පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ජපානයට අද (24) හැකි විය.. ‘එච්’ කාණ්ඩයේ තරගයක් වූ මෙය රුසියාවේ එක්ටරින්බර්ග් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

සැඩියෝ මැනේ 11 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කරමින් සෙනගල් කණ්ඩායම පෙරමුණේ තැබීමට සමත් වුවත්, ජපානයේ ටකාෂි ඉනූයි 34 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් ගෝල 1-1 ලෙස පළමු භාගය සමව අවසන් කළේය. නැවතක් දෙවන භාගයේ ගෝලයක් වාර්තා කළ සෙනගල්, කණ්ඩායමේ මොසෝ වෝ සෙනගල් කණ්ඩායමට ජයග්‍රහණයේ පාර කපා දුන්නේය. නමුත් ඉන් මිනිත්තු 7කට පසු එකී සිහිනයන් බොඳකළ ජපානයේ සෙකුකී හොන්ඩා ගෝලයක් වාර්තා කරමින් පරාජයේ පේන මානයේ තිබූ ජපානයට මෙවර ලෝක කුසලානයේ අවසාන 16 දෙනාගේ වටයට බලාපොරොත්තුවක් ගෙන දුන්නේය.

තරගයේ දෙවන භාගයේදී ජපානයට ගෝල ද්විත්වයක් ලබා ගැනීමට අවස්ථාව පැවතියත් එම අවස්ථා දෙකම මගහැරී යාම නිසා සෙනගාලයට තරගය පිළිබඳ නැවත බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකියාව ලැබිණ. අවසන් මොහොතේ ජපානයේ කෙසුකී හොන්ඩා ගෝලයක් වාර්තා කිරීමත් සමග නැවතත් තරගාවලියේ රැඳී සිටීමේ වාසනාව ඔවුන්ට හිමිවිය.

කොළොම්බියාවට එරෙහිව පැවැති තරගය ගෝල 2-1 කින් ජයගත් ජපානය මෙවර තරගාවලිය ආරම්භයේදීම සාර්ථක ආරම්භයක් ගත් අතර ජපානය සමගින් සෙනගාලයද ‘එච්’ කාණ්ඩයෙන් කරටකර තරගයක් දෙමින් ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්ව සිටී.

අද ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනීමට ජපානයට හැකියාව ලැබිණ. කොළොම්බියාව සහ පෝලන්තය යන කණ්ඩායම් තවමත් එක් තරගය බැගින් ක්‍රීඩා කර ඇති බැවින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න අපට බලා සිටීමට සිදුවනු ඇත.

(ලකුණු සටහන අද (24) මධ්‍යම රාත්‍රිය තෙක් පමණි )

 

- 024


අදහස් (0)

ජපානය අවසන් මොහොතේ තරගය සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.