Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner කණ්ඩායම් 13 ක් අවදානම් කලාපයේ

කණ්ඩායම් 13 ක් අවදානම් කලාපයේ

Nisanka Sandeepani - 2018 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් අවසන් වූ තරග වලට අනුව සත්කාරක රුසියාව, උරුගුවේ, ස්පාඤ්ඤය, පෘතුගාලය, ප්‍රංශය, ක්‍රෝඒෂියාව, මෙක්සිකෝව, එංගලන්තය සහ බෙල්ජියම යන කණ්ඩායම් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටිති.   

කණ්ඩායම් 9 ක් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගනිද්දී තවත් කණ්ඩායම් 13 ක් එම ගොන්නට එකතු වීමට පෙරුම් පුරමින් සිටී. එහෙත් මෙම කණ්ඩායම් 13 නෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසකම් ලබා ගැනීමට හැකියාව ඇත්තේ කණ්ඩායම් 7 කට පමණි. 

කණ්ඩායම් 9ක් ඉදිරියටම යද්දී, කණ්ඩායම් 13 ක් අවදානම් කළාපයේ රැඳෙද්දී, කණ්ඩායම් 10 කට දැනටමත් ලෝක කුසලානයේ සිහිනය අතහැරීමට සිදුව ඇත. ඒ අනුව සෞදි අරාබිය, ඊජිප්තුව, ඉරානය, මොරොක්කෝව, පේරු රාජ්‍ය, කොස්ටරිකාව, කොරියාව, ටියුනීසියාව, පැනමාව සහ පෝලන්තය යන කණ්ඩායම් මෙවර පළමු වටයෙන්ම ඉවත් විය. 

මෙවර තරගාවලියට සත්කාරකත්වය දරන රුසියාව ‘ඒ ’ කාණ්ඩයෙන් තරගාවලියට එක්වූ අතර සහභාගී වූ තරග 3න් 2ක් ජයගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. සමාරම්භක තරගයේදිම සෞදි අරාබිය ගෝල 5-0 කින් පරාජයට පත්කළ රුසියාව ගෝල 3-1 කින් ඊජිප්තුවද පරාජයට පත්කරමින් මෙවර 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් පළමු රට බවට පත්විය. ‘ඒ ’ කාණ්ඩයේ පෙරමුණ ලබාගත් උරුගුවේ කණ්ඩායම මෙවර පළමු වටයේ සහභාගී වූ තරග තුනම ජයගනිමින් අපරාජිතවම අවසන් 16 දෙනාගේ වටයට තේරිපත් විය. උරුගුවේ කණ්ඩායම 1930 සහ 1950 යන වර්ෂයන්හිදී, ලෝක ශූරයන් බවට පත් වූ අතර මෙතෙක් තරගාවලි 13 කට සහභාගී වීමට අවස්ථාව උදාකර ගෙන ඇත. 

මෙවර ‘බී’ කාණ්ඩයෙන් තරග වැදුණු ස්පාඤ්ඤය ඊයේ (25) මොරොක්කෝවට එරෙහිව පැවති තරගය ගෝල 2-2 කින් සම කර ගැනීම නිසා මෙවර ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ලබා අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර පැවති තරගය ගෝල 3-3 කින් සමකර ගත් ස්පාඤ්ඤය ඉරානයට එරෙහිව පැවති තරගය ගෝල 1-0 කින් ජය ගත්තේය. එම කාණ්ඩයෙන්ම තරගවැදී පෘතුගාලය ඉරානයට එරෙහිව පැවති තරගය ඊයේ ගෝල 1-1 කින් සමකර ගැනීම නිසා අවසන් 16 දෙනාගේ වටයට අවසාන මොහොතේ සුදුසුකම් ලබා ගනිද්දී, ඉරානයට වේදනාවෙන් හෝ මෙවර තරගාවලියට සමුදීමට සිදුවිය. 

මෙතෙක් පැවති තරග දෙකම ජයගත් ප්‍රංශය ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ලබානිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාසිටී. ‘සී’ කාණ්ඩයෙන්ම තරග වදින ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් දෙකෙන් එකකට අවසන් 16 දෙනාගේ වටයට පැමිණිමට අවස්ථාව ඇති අතර ප්‍රංශයට එරෙහි තරගය ඩෙන්මාර්කය ජය ගැනීමට හෝ සමකර ගැනීමට සමත් වුවහොත් ඔවුන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනු ඇත. ඕස්ට්‍රේලියාව සහ පේරු රාජ්‍ය අතර පවතින තරගය වැඩිම ගෝල ගණනකින් ඕස්ට්‍රේලියාව ජයගෙන, ප්‍රංශයට එරෙහි තරගය ඩෙන්මාර්කය පරාජයට පත්වුවහොත් ඕස්ට්‍රේලියාවට අවසන් 16 දෙනාගේ වටයට පැමිණිමට අවස්ථාව පවති. 

‘ඩී’ කාණ්ඩයෙන් තරග වදින ක්‍රෝඒෂියාව දැනටමත් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇති අතර මෙවර කාගේත් අවධානය යොමු වූ ලයනල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව, නයිජීරියාව සහ අයිස්ලන්තය තවමත් වැට උඩ සිටියි. අද මධ්‍ය රාත්‍රියේ පැවැත්වෙන ආජන්ටිනාව සහ නයිජීරීයාව අතර තරගය නයිජිරීයාව ජයගතහොත් ක්‍රෝඒෂියාව සමගින්  අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනු ඇත. එම තරගය වැඩි ගෝල ගණනකින් ආජන්ටිනාව ජයගතහොත් නයිජීරියාව තරගාවලියෙන් ඉවතට ඇද දමමින් අවසන් 16 දෙනාගේ වටයට පැමිණිමට ඔවුන්ට හැකියාව ඇත. නමුත් අයිස්ලන්තයටද තවත් තරගයක් ඉතුරුව ඇති අතර ක්‍රෝඒෂියාවට එරෙහිව ඔවුන් ජයගතහොත් දළ ලකුණු වේගය මත ඔවුන්ටද අවසන් 16 දෙනාගේ වටය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තබා ගැනිමට හැකියාව ඇත. 

‘ඊ’ කාණ්ඩයෙන් තරග වදින බ්‍රසීලය, ස්විට්සර්ලන්තය සහ සර්බියාව යන කණ්ඩායම් 3ම තවමත් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා නොමැති අතර කොස්ටරිකාව දැනටමත් තරගාවලියෙන් ඉවත්ව ඇත. බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය ප්‍රසාද ලකුණු 4 බැගින් හිමිකර ගෙන ලකුණු සටහනේ පෙරමුනේ පසුවෙයි. බ්‍රසීලයට එරෙහි තරගය සර්බියාව ජයගතහොත් අවසනෙ  16 දෙනාගේ වටයට සුදුසකම් ලැබිමට අවස්ථාව ඇත. බ්‍රසීලය එම තරගය පරාජය පත්වුවහොත් ස්විට්සර්ලන්ත කොස්ටරිකා තරගයේ ප්‍රතිඵල මත ඔවුන්ගේ ඉරණම තීරණය වනු ඇත. එම තරගයම බ්‍රසීලයම ජයගැනීමට හෝ සම කර ගැනිමට සමත් වුවොත් අවසන් 16 දෙනාගේ වටයට යාමට ඔවුන්ට අවස්ථාව පවති. ස්විට්සර්ලන්ත සහ කොස්ටරිකා තරගය ස්විට්සර්ලන්තය ජය ගැනිමට හෝ සමකර ගැනීමට සමත් වුවහොත් ඔවුන්ටද තරගාවලියේ රැදී සිටීමට බලාපොරොත්තුවක් තබාගත හැක.  

‘එෆ්’ කාණ්ඩයෙන් තරග වදින මෙක්සිකෝව දැනටමත් අවසන් 16 දෙනාගේ වටයට සුදුසකම් ලබා ඇත. කොරියාවට එරෙහි තරගය ජර්මනිය ජය ගැනීමට හෝ සම කර ගැනිමටත්, මෙක්සිකෝවට එරෙහි තරගය ස්වීඩනය ජය ගැනිමට හෝ සමකර ගැනීමට සමත් වුවහොත් කණ්ඩායම් දෙකටම දළ ලකුණු වේගය මත ඉදිරියට යන්නේ කවුරුන්ද යන්න තීරණය වනු ඇත. 

ප්‍රසාද ලකුණු 6 බැගින් හිමිකර ගෙන සිටින එංගලන්තය සහ බෙල්ජියම ‘ජී ’ කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගනිද්දී, ටියුනීසියාව සහ පැනමාව පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් විය. 

ජපානයට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනිමටනම් පෝලන්තයට එරෙහි තරගය අවම තරමේ සමකර ගැනිමටවත් සිදුවණු ඇත. එම කාණ්ඩයෙන්ම තරග වදින සෙනගල් කණ්ඩායම සහ කොළොම්බියා අතර තරගය ජයගන්නා කණ්ඩායමට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ හැකියාව පවති. එම තරගය සම වුවහොත්, ජපානය සහ පෝලන්තය අතර තරගයෙන් ඔවුන්ගේ ඉරණම තීරණය වනු ඇත. 

 

 

- 024


අදහස් (0)

කණ්ඩායම් 13 ක් අවදානම් කලාපයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.