Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner අවසන් මොහොතේදී එංගලන්තය ජාම බේරාගනී

අවසන් මොහොතේදී එංගලන්තය ජාම බේරාගනී

Nisanka Sandeepani - 2018 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත පිලේ නායක හැරී කේන් අන්තිම මොහොතේදී හිසින් ගසා ලබාගත් විස්මිත ගෝලය නිසා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ටියුනීසියාව සමඟ පැවැති සිය මුල්ම තරගය ගෝල 2-1 කින් ජයගැනීමට එංගලන්තය සමත්විය. කළමනාකරු ලෙස සිය පළමු ලෝක කුසලාන තරගාවලියට එක්වී සිටි එංගලන්ත පිලේ ගැරත් සවුත්ගේට්ගේ හදගැස්ම නතර කළ ටියුනීසියාව පළමු භාගය නිමාවෙද්දී ගෝල 1-1 කින් තරගය සමකළ අතර දෙවැනි භාගය පුරා සටන් කළේ එංගලන්ත පිලේ ඉවසීම පරික්ෂා කරමිනි. 

කෙසේ වෙතත් එංගලන්තය ලැබූ ගෝල 2 ම වාර්තා කළ හැරී කේන් සිය කණ්ඩායමේ කීර්තිය බේරාගත්තේය.

වොල්ගොග්‍රාඞ් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් එංගලන්තය ලැබූ ජයග්‍රහණය සටහන් වන්නේ වසර 2006 ලෝක කුසලාන තරගාවලියේ පැරගුවේ කණ්ඩායම පරාජය කිරීමෙන් පසුව ඔවුන් මෙවැනි ප්‍රධාන පෙලේ තරගාවලියක ආරම්භක තරගය ජයගත් පළමු අවස්ථාව ලෙසටය.

ජෝන් ස්ටෝන්ස් හිසින් ගැසූ පහරක් නිසා අනපේක්ෂිත අයුරින් තුවාල ලැබූ ටියුනීසියාවේ ගෝල් රකින්නා වන මවුස් හසින්ට තරගයේ පළමු මිනිත්තු කිහිපයෙන් පසුව පිටියෙන් ඉවත්වීමට සිදුවිය. හැරි කේන් එංගලන්ත පිලට පළමු ගෝලය ලබා දුන්නේ ඉන් අනතුරුවය. 11 වැනි මිනිත්තුවේදී වාර්තා වූ මේ ගෝලයත් සමග එංගලන්ත පිලේ උද්යෝගය එහෙම පිටින්ම ඉහළ ගියේය. 

එය කෙතරම්ද කිවහොත් ඉන් අනතුරුව පිට පිට ලැබුණු අනගි අවස්ථා ගණනාවක්ම වැඩි කළබලය නිසා එංගලන්තය මඟ හරවා ගත්තේය. අන්තිමේදී සිදුවූයේ 35 වැනි මිනිත්තුවේදී කයිල් වෝකර් දඬුවම් පහර සීමාව තුළදී ටියුනීසියාවේ ෆකර්ඩීන් බෙන් යූසුෆ්ට වැලමිටෙන් ගැසීම නිසා ලැබුණු දඬුවම් පහරින් නිසි ප්‍රයෝජනය ගත් ෆෙර්ජානි සසී වාර්තා කළ ගෝලයත් සමග තරගය 1-1 කින් සමවීමයි.

ඔවුන් එංගලන්ත පිලේ බලාපොරොත්තු කන්දරාව දෙවැනි භාගය පුරාම ඇති නැති කළ අතර අවසන් මොහොත දක්වාම සිය කණ්ඩායමේ ජයග්‍රහණය බලා ගැනීමට වරින් වර හුනස්නෙන් නැගී සිටි දහස් සංඛ්‍යාත එංගලන්ත ක්‍රීඩාලෝලීන් දෙගිඩියාවට පත් කර දැමූහ.

කෙසේවෙතත් තරගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී හැරී මැග්වයර් යොමු කළ පන්දුවට අන්තිම මොහොතේ හිසින් පහරක් එල්ල කිරීමට තරම් එංගලන්ත පිලේ නායකයා වාසනාවන්ත විය. ඊට පෙර ටියුනීසියානු ක්‍රීඩකයන් ඔවුන්ගේ දඬුවම් පහර සීමාව තුළදී කේන්ව දෙවතාවක්ම බිමට ඇද දැමුවත් තරග විනිසුරු විල්මර් රොල්ඩන්ට සහ වීඩියෝ සහය විනිසුරුවරයාට ඉන් එකක් වත් අල්ලා ගැනීමට නොහැකිවීම කැපී පෙනුණි. 

වසර 1990 ඉතාලියේ පැවැති තරගාවලියේ දී ගැරී ලින්කර් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමෙන් පසුව  ලෝක කුසලාන තරගයක ගෝල දෙකක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත්වූ එංගලන්ත පිලේ නායකයා ජාතික කණ්ඩායම දැක්වූ හොඳම දායකත්වයත් මෙය විය.

- 077


අදහස් (0)

අවසන් මොහොතේදී එංගලන්තය ජාම බේරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.