Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner අයිස්ලන්තයේ බලාපොරොත්තු දියව යයි

අයිස්ලන්තයේ බලාපොරොත්තු දියව යයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තිම මොහොතේ අයිවන් පෙරිසික් ලබාගත් ගෝලය නිසා ගෝල 2-1 කින් ක්‍රොඒෂියාව හමුවේ පරාජයට පත්වූ අයිස්ලන්තයට සිය මංගල ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ දොරටුව වැසී ගියේය. ඒ සමගම ආර්ජන්ටිනාව ‘ඩී‘ කාණ්ඩයෙන් අවසන් 16 දෙනා අතරට එක්විය. 

මේ තරගය පැවැත්වෙමින් තිබියදීම අර්ජන්ටිනාව සහ නයිජීරියාව අතර තරගයද පැවැත්වෙමින් තිබූ අතර එම තරගයේ ජයග්‍රහණය අයිස්ලන්තයේ ඉරණම තීන්දු කෙරෙන එකක්ද විය. ඔවුන්ගේ ඉරණම දෝලනය වෙමින් තිබුණේ ක්‍රොඒෂියාව හමුවේ ජයගැනීම හෝ ජය පරාජයෙන් තොරව නිමා කරගැනීමත් සහ ආර්ජන්ටිනාවේ ජයගැනීමත් මතය.   

ක්‍රොඒෂියාව ඒ වනවිටත් අවසන් 16ට සුදුසුකම් ලබා සිටි බැවින් සැබැවින්ම තරගය තිබුණේ අර්ජන්ටිනාව සහ අයිස්ලන්තය අතරය. අර්ජන්ටිනාවේ ජයග්‍රහණයත් ක්‍රොඒෂියාව හමුවේ ලද පරාජයත් සමගින් අයිස්ලන්තයේ බලාපොරොත්තු දියවී ගියේය. 

අර්ජන්ටිනාව තරගය ජයගත් බව ආරංචි වෙද්දී අයිස්ලන්තය ගෝල 2-1 කින් පසුපසින් සිටි අතර තවත් ගෝලයක් වාර්තා කරමින් තරගය 2-2 කින් සමකරගැනීම අවසන් 16 දෙනාගේ වටයට එක්වීමේ බලාපොරොත්තු ඉහළ යන කාරණාවක් බව ඔවුන්ට අවබෝධ විය. එවන් තත්ත්වයක් හමුවේ ඇල්ෆ්‍රඞ් ෆින්බොගාසොන් සහ බිර්කිර් ජර්නසොන් දෙදෙනාම ගෝලයක් ලබාගැනීමේ අගිස්සට ගියත් ක්‍රොඒෂියාවේ ගෝල රකින්නා හමුවේ එය පහසු වූයේ නැත.

තරගයේ පළමු භාගය ගෝල රහිතව නිමාවූ අතර දෙවැනි භාගයේ 53 වැනි මිනිත්තුවේදී මිලාන් බඩෙල්ජි ලබාගත් ගෝලය නිසා 1-0 කින් පෙරමුණ ගැනිමට ක්‍රොඒෂියාව සමත්විය. ගෝල 1-1 කින් තරගය සමකර ගැනීමට අයිස්ලන්තය සමත්වූයේ 76 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරක් හේතුවෙනි.  ක්‍රොඒෂියානු ක්‍රීඩක ඩියොන් ලොරේන්ගේ අතෙහි පන්දුව ගැටීම නිසා ලැබුණු මේ දඬුවම් පහර ගයිල්ෆි සිගුර්ඞ්සන් ගෝලයකින් සාර්ථක කරගත්තේ සිය කණ්ඩායමට දහසක් බලාපොරොත්තු ගොඩනගා දෙමිනි. 

තරගය ජයගත් ක්‍රොඒෂියාව ඉරිදා ඩෙන්මාර්කය සමග අවසන් 16 වටයේ තරගයට එක්වීමට නියමිත අතර ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතර තරගය සෙනසුරාදා පැවැත්වෙනු ඇත. 

 


 

- 077


අදහස් (0)

අයිස්ලන්තයේ බලාපොරොත්තු දියව යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.