”ෆුට්සාල්” පාපන්දු තරගාවලිය අනිද්දා (25) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ. ඒ සඳහා නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල හා හැටන් යන පාපන්දු ලීග වෙතින් කණ්ඩායම් ඉදිරිපත් වීමට නියමිතය.
පිරිමි කණ්ඩායම් 60ක් හා කාන්තා කණ්ඩායම් අටක් තරගාවලියට සහභාගි වෙති. වැඩිම කණ්ඩායම් ගණනාවක් නුවරඑළියෙන් ඉදිරිපත්වන අතර ඒ පිරිමි තරගාවලියට කණ්ඩායම් 25ක් සහභාගි වෙමිනි.
හැටන් ලීගයෙන් පිරිමි කණ්ඩායම් 20ක්ද බදුල්ල ලීගයෙන් කණ්ඩායම් පහක් හා බණ්ඩාරවෙල ලීගයෙන් කණ්ඩායම් 10ක්ද තරගාවලියට සහභාගි වන අතර එම සීමාව ලීගවලින් කාන්තා කණ්ඩායම් දෙක බැගින් කරග වදිති.
නුවරඑළිය පුරපති එච්.ඞී.ගමගේ මහතා හෙට පෙරවරු 8 ට පැවැත්වෙන සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වේ. ජයසංකේත ප‍්‍රදානෝත්සවය පෞද්ගලික බස් සේවා ප‍්‍රවාහන ඇමැති සී.බී.රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට පස්වරු (5) පැවැත්වේ.
මෙරට ෆුට්සාල් (ගෘහස්ථ) පාපන්දු කී‍්‍රඩාව නැංවීමේ අරමුණින් අන්තර් ජාතික පාපන්දු සම්මේලනය හඳුන්වා දුන් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරමින් ශ්‍රී ලංකාව පුරා ෆුට්සාල් පාපන්දු තරගාවලි සංවිධාන කෙරෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.
”ෆුට්සාල්” පාපන්දු කී‍්‍රඩාව කෘති‍්‍රම හොකී පිටියක් තරම් තරග ප‍්‍රදේශයකදී ද පැවැත්විය හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.