Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football හොඳම පාපන්දු කණ්ඩායම් 10 අතර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක්

හොඳම පාපන්දු කණ්ඩායම් 10 අතර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක්

editorial - 2021 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සුපර් ලීග් පාපන්දු තරගාවලියට සහභාගි වී සිටින කණ්ඩායම් 10 ම සහභාගි කරගනිමින් ‘සුපර්’ කුසලාන නමින් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක් ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසන්නේ, ලබන වසරේ මැයි 31 වැනිදා අවසන් වන සිය පාලන කාලය ගෙවා අවසන් වීමට කලින් මෙම නව තරගාවලිය පවත්වා අවසන් කරන බවයි.

සුපර් ලීග් තරගාවලියට සහභාගි වූ ඩිෆෙන්ඩර්ස් (යුද හමුදාව), බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදාව), සී හෝක්ස් (නාවික හමුදාව), කොළඹ ක්‍රි.ස., වෙන්නප්පුව නිව් යංග්ස්, රත්නම්, අලුත්ගම රෙඩ් ස්ටාර්, රිනවුන්, කළුතර බ්ලූ ස්ටාර්ස් හා නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස් යන කණ්ඩායම් 10 ම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියටත් සහභාගි කරගැනේ.

පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ, මෙම තරගාවලියේදීත් ක්‍රීඩා සමාජ සඳහා සහභාගිත්වය වෙනුවෙන් ගෙවීම් හා ඉහළ මුදල් ත්‍යාග ලබාදෙන බවයි.


අදහස් (0)

හොඳම පාපන්දු කණ්ඩායම් 10 අතර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.