Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී දෙවැනි අදියරේ දෙවැනි තරගයට මුහුණු දුන් ප‍්‍රබල සොලිඞ් කණ්ඩායම කළුතර පාක් කණ්ඩායම් හමුවේ ගෝල 2-1 ක පරාජයක් ලැබීය.
මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසු වන අනුරාධපුරයෙන් පිවිසි සොලිඞ් කණ්ඩායම දෙවැනි අදියර ආරම්භක තරගයේදී පොලිස් කණ්ඩායම ගෝල 3-0 කින් පරාජය කිරීමට සමත් විය.
පැවැති ‘බී’ කාණ්ඩයේ තවත් තරගයකදී යුද හමුදා කණ්ඩායම නිව් යංග්ස් කණ්ඩායමට එරෙහිව ගෝල 6-3 ක ජයක් ලබා ගැනීමට සමත් විය.
එම තරගයේදී යුද හමුදා පිලේ මොහොමඞ් ඉසදීන් ගෝල තුනක් වාර්තා කිරීම කැපී පෙනුණි.
දෙවැනි අදියරේ තරග 21 ක් නිවා වන විට විනිසුරුවන් විසින් දැඩි අවවාද ලබන කහ කාඞ්පත ක‍්‍රීඩකයන් 62 ක් ලබා ඇති අතර රතු කාඞ්පතින් අවවාද ලබා පිටියෙන් පිටමන් කිරීම් හතරක් ද ලබා තිබුණි.
තරග ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.