Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ස්පාඤ්ඤ නායකයාට කොරෝනා - තරගය නවතී

ස්පාඤ්ඤ නායකයාට කොරෝනා - තරගය නවතී

editorial - 2021 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යූරෝ 2020 පාපන්දු තරගාවලිය ආරම්භ වීමට දින 4 ක් තිබියදී ඊට සහභාගි වන ප්‍රබල කණ්ඩායමක් වන ස්පාඤ්ඤ කණ්ඩායමේ නායක සර්ගියෝ බස්කෙට්ට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබේ.

යූරෝ පාපන්දු තරගාවලියේදී ස්පාඤ්ඤය සහභාගි වන පළමු තරගය ස්වීඩනයට එරෙහිව මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය.

ප්‍රබල පාපන්දු ක්‍රීඩා සමාජයක් වන බාසිලෝනා කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩක බස්කෙට්, කොව්ඩ් ආසාදිත යැයි තහවුරැ වීමත් සමග යුරෝ පාපන්දු තරගාවලියට පෙරහුරැවක් ලබාගැනීම සඳහා හෙට (8 වැනිදා) ලිතුවේනියාවට එරෙහිව පැවැත්වීමට නියමිත අවසන් සුහද තරගයට සහභාගී වීමෙන් වැළකී සිටීමටද ස්පාඤ්ඤ කණ්ඩායමට සිදුව තිබේ.

ස්පාඤ්ඤ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම කොවිඩ් අසාදිතයන් නොවන බවට තහවුරැ වී ඇති නමුත් බස්කෙට් සහ ඔහු සමීපව ඇසුරැ කළ ක්‍රීඩකයන් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇතැයි ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය නිවේදනය කරයි.

කෙසේ වුවත් ලිතුවේනියාවට ‍සමග පැවැත්වීමට නියමිත සුහද තරගය අවලංගු නොකරන බවත්, ස්පාඤ්ඤ ජාතික කණ්ඩායම වෙනුවට වයස 21 න් පහළ කණ්ඩායම සහභාගි කරමින් එම තරගය පවත්වන බවත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය වැඩි දුරටත් කියා සිටියි. එම තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත් මිලදී ගත් පුද්ගලයන්ට නැවත මුදල් ගෙවීමට හෝ පැවැත්වෙන තරගය නැරඹීම සඳහා වට්ටම් සහිත ප්‍රවේශපත් ලබාදීමට කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

මේ දක්වා යූරෝ පාපන්දු තරගාවලි තුනක (1964, 2008, 2012) ශූරතා දිනා සිටින ස්පාඤ්ඤය, මෙවර තරගාවලියේ මූලික වටයේදී ‘ඊ‘ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත‍. මේ මස 15 වැනිදා ස්වීඩනයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසුව 20 වැනිදා පෝලන්තයට එරෙහිවද, 23 වැනිදා ස්ලෝවැකියාවට එරෙහිවද ස්පාඤ්ඤය තරග බිමට පිවිසීමට නියමිතය.

-036


අදහස් (0)

ස්පාඤ්ඤ නායකයාට කොරෝනා - තරගය නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.