වෙළඳ සේවා සත්සාමාජික පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගනිමන්, මහින්දානන්ද අලූත්ගමගේ ශූරතා කුසලානයට හිමිකම් කීමට අමානා තකාපුල් කණ්ඩායම සමත්විය. අවසන් මහ තරගයේදී අමානා තකාපුල් කණ්ඩායම හමුවේ ගෝල 5-4 ක් ලෙස පරාජයට පත්වූ එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමට රංජිත් රද්‍රිගූ අනුශූරතාව හිමිවිය.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස අමානා තකාපුල් කණ්ඩායමේ එම්. එන්. එම්. ෆසාල් සම්මාන ලැබීය. එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමේ එස්. සංජීව වැඩිම ගෝල ලබාගත් කී‍්‍රඩකයා ලෙසත්, අමානා තකාපුල් කණ්ඩායමේ ජනුපර් සදීක් දක්ෂතම දැල රකින්නා ලෙසත් තේරීපත් වූහ. තරගාවලියේ විනීතම කණ්ඩායමට හිමිවන කුසලානයට හිමිකම් කීවේ එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.