Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශූරයන්ගේ පාපන්දු කුසලාන දෙවැනි අදියර අද සිට

ශූරයන්ගේ පාපන්දු කුසලාන දෙවැනි අදියර අද සිට

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ ඩයලොග් ලීග් කුසලාන පාපන්දු තරගමාලාවේ දෙවැනි අදියර අද (25) ආරම්භ වේ. මෙවර දෙවැනි අදියරේ විශේෂත්වය වන්නේ කොළඹ සුගතදාස පිටියේදීත් තරග පැවැත්වීමය.

එහිදී දිවා රාත‍්‍රි තරග පැවැත්වෙන්නේ වසර හතරකටත් අධික කාලයකින් බව පාපන්දු සම්මේලනයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ලබන ඉරිදා (28) සෝන්ඩර්ස් කණ්ඩායම සහ බ්ලූස්ටාර්ස් කණ්ඩායම අතර තරගයෙන් යළිත් සුගතදාස පිටියේදී පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් තරග පැවැත්වීම ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සුගතදාස පිටියෙන් ඈත්වූයේ එහි තරග පැවැත්වීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවීම නිසා බව වාර්තාවේ. කෙසේ වුවත් ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග පාපන්දු සම්මේලනය කළ සාකච්ඡුාවකින් පසු සහන ගාස්තු යටතේ තරග සඳහා සුගතදාස පිටිය ලබාදීමට එකඟවූ බව පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගු මහතා ‘ලංකාදීප’යට පැවසීය.

මෙරට පාපන්දු කඩා වැටීමට පාපන්දු සම්මේලනය සුගතදාස ක‍්‍රීඩාංගණයෙන් ඈත්වීමට ද හේතුවක් වූ බව ඒ මහතා පැවසීය. ප‍්‍රමිතියක් ඇති ක‍්‍රීඩාංගණවල ක‍්‍රීඩා කිරීමෙන් පමණයි අපේ ක‍්‍රීඩකයන්ට වෘත්තිය මට්ටමේ පාපන්දු ක‍්‍රීඩාවකට අවතීර්ණවිය හැක්කේ’’ යැයි ද ඔහු පැවසීය.
තරගාවලියේ පළමු අදියරේ තරග 90 ක් නිමාවේදී ඒ කාණ්ඩයෙන් කොළඹ පාපන්දු කණ්ඩායමට ද, ‘බී’ කාණ්ඩයෙන් අනුරාධපුරය සොලිඞ් කණ්ඩායමට ද, වැඩිම ප‍්‍රසාද ලකුණු ලබමින් පෙරමුණේ පසුවෙති.

අද තරග 10 ක් පැවැත්වෙන අතර ඒ අතර කළුතර වර්නන් ප‍්‍රනාන්දු පිටියේදී පැවැත්වෙන රත්නම් කණ්ඩායම සහ බ්ලූස්ටාර්ස් කණ්ඩායම කැපී පෙනේ. බ්ලූස්ටාර්ස් කණ්ඩායම මේ වන විට ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියට වැඩිම ප‍්‍රසාද ලකුණු ලබා තිබෙන කණ්ඩායමයි. රත්නම් කණ්ඩායම පළමු අදියරේදී පසුබෑමට ලක්ව සිටි කණ්ඩායමකි.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පසුගිය කාලයේ සාෆ් තරගාවලිය සඳහා විදෙස්ගතව සිටි බැවින් තරගාවලිය අත්හිටුවීමට සිදුවිය. කලින් යොදාගෙන තිබුණේ දෙවැනි අදියරේ තරග ජූලි 27 වැනිදා ආරම්භ කිරීමටය. මෙම දෙවැනි අදියරටත් තරග 90 ක් ඇතුළත් වේ. අනතුරුව අවසන් වටය පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට පවත්වන අවසාන් මහා තරගය පැවැත්වේ.


අදහස් (0)

ශූරයන්ගේ පාපන්දු කුසලාන දෙවැනි අදියර අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.