Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාවේ කණස්සල්ල

ශ්‍රී ලංකාවේ කණස්සල්ල

editorial - 2021 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ මාලේ නුවර සිට...)

සාෆ් පාපන්දු තරගාවලියේ සිකුරාදා (1) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ප්‍රධාන විනිසුරු සිරියානු ජාතික කඩීල් ෆෙරාස් මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කනස්සල්ල පළකර තිබේ.

නිදහස් පහරක් ප්‍රදානය කළ යුතු අවස්ථාවකදී තීරණ ඉක්මවා යමින් ඔහු බංග්ලාදේශයට දඬුවම් පහරක් පිරිනැමීමට ගත් තීරණය නිවැරැදි නොවන දෝෂ සහිත බවට ශ්‍රී ලංකාව ඒ පිළිබඳව ආසියානු පාපන්දු සමුළුව දැනුවත් කර ඇතැයි ද වාර්තා වේ.  ජාත්‍යන්තර තරග සඳහා යොදවන විනිසුරුවන්ගේ අඩුපාඩු අවම කිරීමට කටයුතු කරන ලෙස එමගින් ශ්‍රී ලංකාව ආසියනු සමුළුවෙන් ඉල්ලා තිබේ.

සිකුරාදා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති ආරම්භක තරගයේදී විනිසුරු ෆෙරාස් මහතා බංග්ලාදේශ කණ්ඩායමට ප්‍රදානය කළ දඬුවම් පහර හේතුවෙන් ඔවුන් ගෝල 1–0 කට ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් විය.  මෙම තීරණයේදී තරග නීති රීති උල්ලංඝනය වන ආකාරයෙන් හැසිරුණු බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩක ඩුක්ෂන් පස්ලස්, විනිසුරු ෆෙරාස් වෙතින් දැඩි අවවාද ලබන කහ කාඩ් පත දෙවැනි වතාවටත් ලැබීමෙන් පිටියෙන් පිටමන් කෙරුණි.

තරගයකදී ක්‍රීඩකයකු දෙවතාවක් කහ කාඩ්පතින් අවවාද ලබන්නේ නම් ඔහුට පිටියෙන් පිටමන් වීමට සිදුවේ. එවිට ඔහු රතු කාඩ් පත ලබන්නෙක් වීම ඊට හේතුවයි. ඒ සමගම එවැනි වරදකට හසුවන ක්‍රීඩකයකුට ඉදිරි තරග දෙකක් තහනම් කෙරේ. ඒ අනුව ඩුක්ෂන් පස්ලස්ට අද නේපාලයට එරෙහිව පැවැත්වෙන තරගය හා  7 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වේ.

සිකුරාදා තරගයේ දෙපිලේ ක්‍රීඩකයන් අතර විටින් විට ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත විය. එක් අවස්ථාවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා ද විනිසුරු සමග බහින්බස් වීමක් ඇති කර ගත්තේය.   තවත් අවස්ථාවක බංග්ලාදේශ ක්‍රීඩකයන් සමග ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ඩක්සන් ෆස්ලස්ගේ බැනියමෙන් ඇද ඔහු ඉවතට ගැනීමට නායක සුජාන් පෙරේරා කටයුතු කළේය.


අදහස් (0)

ශ්‍රී ලංකාවේ කණස්සල්ල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.