Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාව පතුළටම

ශ්‍රී ලංකාව පතුළටම

editorial - 2022 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ආසියානු කුසලාන පාපන්දු (2023) නිර්දේශිත අවසන් තරග වටයේ දී ශ්‍රී ලංකාව අත්කරගත් පරාජයත් සමග ලෝක පාපන්දු කණ්ඩායම් (පිරිමි) අලුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 205 සිට 207 වැනි ස්ථානය දක්වා තවත් පියවර දෙකක් පහළට වැටී තිබේ. මෙය මෙතෙක් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පහළටම වැටුණු අවස්ථාවයි.

එහි දී විශේෂත්වය වන්නේ ඉකුත්දා සිදුකළ එම අලුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ආසියාවේ රටවල් 46 අතර අවසන් ස්ථානයට යළිත් අවස්ථාවක් පත්ව තිබීමයි.

මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව වසර 2021සැප්තැම්බර් මාසයේ දී ලෝක ශ්‍රේණිගත කිරීම්හි 205 වැනි ස්ථානයේ පසුවෙමින් ආසියාවේ අන්තිමයා බවට පත්ව තිබුණි.

කෙසේ වුවත් 2021 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව ආසියාවේ අන්තිම තැනින් මිදුණේ 204 වැනි ස්ථානයට පත්වීමෙනි.

උස්බෙකිස්ථානයේ දී නිමාවට පත් වූ ආසියානු කුසලාන (2023) නිර්දේශිත තෙවැනි තරග වටයේ දී ශ්‍රී ලංකාව උස්බෙකිස්තානය (3-0), තායිලන්ත-(2-0) හා මාලදිවයින (1.-0) හමුවේ තරග තුනම පරාජයට පත්වීම ලෝක හා ආසියානු ශ්‍රේණිගත කිරීම්හි මෑත පසුබෑමට ආසන්නතම හේතුවයි.

වසර 2021 නොවැම්බර් 16 වැනිදා කොළඹ දී පැවැති ‘අගමැති’ කුසලාන  සිව්කොන් තරගාවලියේ දී බංග්ලාදේශය (2-1) පරාජය කිරීම ශ්‍රී ලංකාවේ මෙතෙක් අවසන් ජාත්‍යන්තර ජයග්‍රාහකයායි.

වසර 2021 ඔක්තෝබර් මාසයේ සිට මේ  දක්වා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරග 11කට සහභාගි වී තිබේ. ඉන් එකම තරගයක් පමණක් ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව ඉන්දියාව (0-0), මාලදිවයින (4-4) සමග තරග දෙකක්  ජයපරාජයෙන් තොරව අවසන් කර සෙසු සියලු තරග පරාජයට පත්ව තිබේ.

කොළඹදී පැවැති 2021 අගමැති කුසලාන අවසන් මහ තරගය ෂි සෙල්ස් රාජ්‍යයට ශ්‍රී ලංකාව පරාජය  වූයේ දඬුවම් පහර 3-1කටය. කෙසේ වුවත් එම අවසන් මහ තරගය නියමිත තරග කාලය ගෝල 3-3ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

අලුත්ම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට පසුපසින් සිටින රටවල් හතර වන්නේ වර්ජිනියා (එක්සත් ජනපද) දූපත් (208) වර්ජනියා (බ්‍රිතාන්‍ය) දූපත් (209), ඇන්ගෝලාව (210) හා ශාන්ත මරිනා දුපත් (211) යන රාජ්‍යයන්ය.

එම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව බ්‍රසිලය ලෝකයේ අංක එක තවදුරටත් රැක ගෙන සිටියි. වසර 2022 පෙබරවාරි වනතෙක් එම ස්ථානයේ  රැඳී සිටි බෙල්ජියම අභිබවා බ්‍රසීලය ලෝකයේ දැන් අංක එකේ පසුවේ.

ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ අංක එක තවදුරටත් ඉරානය  සතුවන අතර වසර 2021 අගෝස්තු මාසයේ සිට ඔවුන් ආසියාවේ පෙරමුණ ගෙන සිටින්නේ එතෙක් එහි රැඳී සිටි ජපානය තෙවැනි ස්ථානයට පත් කරමිනි.

කටාර් රාජ්‍යයේ දී ලබන නොවැම්බර් මාසයේ දී ආරම්භ වන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට (අවසන් කණ්ඩායම් 32ට ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබා සිටින්නේ රටවල් හතරක් පමණි

එම රටවල් හතර වන ඉරානය (1),ජපානය ( 2) කොරියාව හා සෞදි අරාබිය කැපී පෙනේ. ආසියානු කලාපය කටාර් රාජ්‍යය සත්කාරය දැරීම තුළින් මීළඟ ලෝක කුසලාන තරගාවලියට ඇතුළත්ව සිටියි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි  ආසියානු කලාපයේ ඉහළින්ම සිටින රට බවට පත්ව සිටින්නේ ද ඉරානයයි. ඔවුන් ඊයේ සිදුකළ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පසුවන්නේ 23 වැනි ස්ථානයයි.

පසුගිය ජුනි 17 වැනිදා සිදුකළ අළුත්ම ලෝක පාපන්දු (කාන්තා) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමිව අත්තේ රටවල් 181කින් 149 වැනි ස්ථානයයි. ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව  නම් ශ්‍රී ලංකාවට 30 වැනි ස්ථානය (රටවල් 32කින්) හිමිව තිබේ.

ලෝක පාපන්දු කාන්තා ශ්‍රේණිගත කිරීම්හි අංක එක ඇමරිකාව සතුවන අතර දකුණු කොරියාව ආසියාවේ දැන් මුල්තැන ලබා සිටියි.

 

අලුත්ම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානය තෙක් පැමිණ සිටින රටවල්
1. බ්‍රසීලය, 2.බෙල්ජියම, 3. ආජන්ටිනාව, 4. ප්‍රංශය, 5. එංගලන්තය, 6 ස්පඤ්ඤය, 7.ඉතාලිය, 8. නෙදර්ලන්තය, 9, පෘතුගාලය, 10.ඩෙන්මාර්කය

ආසියාවේ 10 වැනි ස්ථානය දක්වා පැමිණි රටවල් හා ඔවුන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම් තත්ත්වය.
 1 ඉරානය (23), 2.ජපානය (24), 3.දකුණු කොරියාව (28) ,4.ඕස්ට්‍රේලියාව (39), 5. කටාරය (49),  6 සෞදි අරාබිය, (53), 7. එක්සත් අරාබි එමිර් රාජ්‍යය, (69), 8. ඉරානය (70), 9 ඕමානය (75), 10 උස්බෙකිස්ථානය (77)


අදහස් (0)

ශ්‍රී ලංකාව පතුළටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.