Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාව අද තරග බිමට

ශ්‍රී ලංකාව අද තරග බිමට

editorial - 2022 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ඉන්දියාවේ ‘‘බුහුබනේෂ්වර්’’ නගරයේදී අද (25) ආරම්භවන දකුණු ආසියානු වයස 20 න් පහළ පාපන්දු ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව අද සිය පළමු තරගයට සහභාගී වේ. එය අද පස්වරු 4 ට ‘‘බුහුබනේෂ්වර්’’ නුවර ‘‘කාලිංග’’ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
 
කලාපයේ රටවල් පහකගේ සහභාගීත්වයෙන් අද ආරම්භවන මෙම ලීග් තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව පළමු හා දෙවැනි ස්ථාන ලබන කණ්ඩායම් දෙක ලබන අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට ප්‍රවේශය ලබති. 

කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ තේෂාන් තුෂ්මික සංචාරක ශ්‍රී ලංකා වයස 20 න් පහළ පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරයි. ඔහු පාපන්දු ක්‍රීඩාවට ප්‍රිය වූ කුඩා දරුවන් පිරිසක් වටා ගෙතුණු ‘‘ගෝල්’’ නමැති චිත්‍රපටයේ රඟපෑම් කළ අයෙකි. 

විසිතුන් දෙනෙකුගෙන් (23) සමන්විත ශ්‍රී ලංකා සංචිත කණ්ඩායමත් 05 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයත් සමග ‘‘බුහුබනේෂ්වර්’’ තරග සංචාරයට එක්ව සිටිති. ප්‍රධාන පුහුණුකරු රාජමානි දේවසායගම් මහතා ඇතුළු සහය පුහුණුකරුවෝ සිවුදෙ​ෙනක්ද ඊට ඇතුළත් වෙති.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට නිර්දේශ වූ ක්‍රීඩකයන් අතරින් කීපදෙනෙක් වයස 23න් පහළ ජාතික සංචිතය නියෝජනය කරන්නෝ වෙති. ඒ අතර නිමාවට පත්වූ අන්තර් පළාත් පාපන්දු තරගාවලියේදී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයෝ පිරිසක්ද සංචාරක ශ්‍රී ලංකා සංචිත කණ්ඩායමට නිර්දේශ වී සිටිති.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ මෙම ළාබාල ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීමේ අරමුණ පෙරදැරිව මෙම තරග සංචාරය සංවිධානයට පාපන්දු ආයතනය උනන්දු වූ බවයි. 

එහිදී ඉදිරියේදී කැඳවෙන යොවුන් (වයස 23 න් පහළ) ජාතික පාපන්දු සංචිතයේ වැඩි ඉඩක් මෙහි ක්‍රීඩකයන් රැසකට හිමිවන බවත් ඔහු පැවසීය. 

සිවුවැනි සාෆ් වයස 20 න් පහළ පාපන්දු තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිත කණ්ඩායම

තේෂාන් තුෂ්මික (නායක), මොහොමඩ් කාලික් (උපනායක), ඩෙරික් ප්‍රනාන්දු, මොහොමඩ් සොයුබ්, සමුණු කගෝදරආරච්චි, නික්ෂන් ඇන්තනි, නිමේෂ් තිවංක, මොහොමඩ් සකිල්, මුහාමදු මුන්සිෆ්, නදීම් අහමඩ්,  මොහොමඩ් ඉෂාන්, මොහොමඩ් තිලාම්, ෆිරාස් සිහීර්, මොහොමඩ් හෆීල්, පැතුම් ගිම්හාන්, මොහොමඩ් රිකාස්, ෂේන් බානුක, මධූෂ සන්දීප, සුදාකර් රෙනෝඩ්කිලයිමාන්, නවෝද් ලක්‍ෂිත, ෂහීල් ෂියාන්, ජෙරාඩ් ජෙරම්, ජූඩ් රොජාන්. 

අතිරේක:- තාරුක අසන්ත, අරුලානන්දන් සෙබස්තියරල්, මොහොමඩ් තාරික්, සචින් විමුක්ති, මධුවන්ත පෙරේරා, චරූෂ රුවන්ත, ෂජාඩ් ජසූක්. 

කාර්ය මණ්ඩලය 
ප්‍රධාන පුහුණුකරු:- රාජමානි දේවසාගයම්, සහය පුහුණුකරු:- ඔගස්ටින් ජෝර්ජ්, දැල් රකින්නන්ගේ පුහුණුකරු:- සමන් දයාවංශ, කළමනාකරු:- රවීන් රාජකරුණා, ශාරීරික අභ්‍යාස පුහුණුකරු:- ඊසා ඉබ්‍රහිම් යන මහත්වරු


අදහස් (0)

ශ්‍රී ලංකාව අද තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.