
ආසියානු යොවුන් පාපන්දු ශූරතාවලියේ සුදුසුකම් තේරීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම පසුගියදා කටාරය බලා පිටත්ව ගියේය. එහිදී ‘බී’ කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම කටාරය, තුරක්මෙනිස්ථානය සහ යේමනය සමග තරග කිරීමට නියමිතය.
තරගාවලිය අද (6 වැනිදා) ආරම්භ වන අතර 10 වැනිදා දක්වා පැවැත්වේ.
මෙම සුදුසුකම් තේරීමේ තරගාවලිය එකකට කණ්ඩායම් 4 ක් බැගින් වූ කාණ්ඩ 11 කින් පැවැත්වේ. එක් එක් කාණ්ඩයේ ශූරතාව දිනාගන්නා කණ්ඩායම් 11 සහ එක් එක් කාණ්ඩයන්හි හොඳම අනුශූරයන් 4 දෙනා ලබන වසරේ උස්බෙකිස්තානයේදී පැවැත්වෙන අවසන් තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇත. තරගාවලියේ ෂත්කාරකයන් වන හෙයින් උස්බෙකිස්තානය අවසන් තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.
ආසියානු පාපන්දු සම්මේලනය මෙම තරගාවලිය සංවිධානය කරයි
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම
එම්.එස්.එම් ශකීර් (සහිරා විදුහල), එම්. ප්‍රශාන්ත් (ශාන්ත හෙන්රි විදුහල-යාපනය), ගයත් රාජපක්ෂ (නිස්සංක මහා විදුහල-කුරුණෑගල), පී.රෙක්සන් (ශාන්ත හෙන්රි විදුහල-යාපනය), කේ. ජී. හසික නවෝද (ශාන්ත ජෝසප් විදුහල-අනුරාධපුර), ශිහාන් ප්‍රබුද්ධ (රාජකීය විදුහල-කොළඹ), අයි. එම්. ශෆ්රාන් (හමීඞ් අල් හුසේනියා විදුහල-කොළඹ), එම්.එම්.එම්. මුෂ්ෆිර් (සහිරා විදුහල-කොළඹ), එම්. අෆ්කර් (හමීඞ් අල් හුසේනියා විදුහල-කොළඹ), ආර්. රාසා (සහිරා විදුහල-කොළඹ), එම්.කුර්ෂීත් (ශාන්ත බෙනඩික් විදුහල-කොළඹ), එම්. සාජිඞ් (සහිරා විදුහල-කොළඹ), රෙහාන් බ්‍රයන් (රාහුල විදුහල-මාතර), තලාල් ෂිහාබ් (දූතියන්ස් ක්‍රීඩා සමාජය), අවිශ්ක දේශාන් (ද මැසිනෝද් විදුහල-කඳාන), කේ. තෙනුෂාන් උරිත්‍රපුරම් මහා විදුහල), අබ්දුල් බාසිත් (හමීඞ් අල් හුසේනියා විදුහල-කොළඹ), ගිහාන් සංදීප (මාරිස්ටෙලා විදුහල-මීගමුව), එම්. මුර්සිත් (කින්නියා මධ්‍ය විදුහල-කින්නියා), ඒ ප්‍රවීන් (ශාන්ත පීතර විදුහල-කොළඹ), එම්. ශබීර් (ශාන්ත පීතර විදුහල-කොළඹ), ආර්. ජෙස්මි (අලිගාර් ජාතික පාසල-එරාවුර්) සහ එම්. රිකාස් (විෂන් ජාත්‍යන්තර විදුහල-මහනුවර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.