Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා - මාලදිවයින් තරගය සමවෙයි

ශ්‍රී ලංකා - මාලදිවයින් තරගය සමවෙයි

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තරගයේ නියමිත විනාඩි 90ක කාලය අවසන්වීමෙන්  පසුව පිරිනැමුණු අතිරේක පස්වැනි විනාඩියේදී ලබාගත් ගෝලය හමුවේ අද (31) පස්වරුවේ නිමාවට පත්වූ ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සාෆ් ශූරතා පාපන්දු-වයස  20න් පහළ තරගය ගෝල 1-1කට සම කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ඉන්දියාවේ බුහුබනේෂ්බර් නුවරදී සාෆ් ශූරතා පාපන්දු  වයස 20න් පහළ තරගාවලිය දැන් පැවැත්වෙන  අතර එහිදී ශ්‍රී ලංකාව මූලික වටයේදී මීට පෙර මුහුණ දුන් තරග තුනක්ම පරාජයට පත්විය. තරගයේ පළමු භාගය දෙපිලම ගෝල රැස් කිරීමට සමත් නොවූ අතර, එහෙත් 74 වැනි විනාඩියේදී ගැම්ඹුන් මොහොමඩ් රැස් කළ ගෝලයෙන් 1-0ක් ලෙස ඒ වනවිට පෙරමුණ ගැනීමට  මාලදිවයින සමත් විය.

ඒ අනුව මෙම තරගයත් පරාජයෙන් අවසන් කිරීමේ අවදානමට ශ්‍රී ලංකාව ලක්ව සිටියදී නායක කේෂාන් තුෂ්මිතු නියමිත තරග කාලය අවසන්වීමෙන් පසුව අපතේ ගිය කාලය වෙනුවෙන් ප්‍රදානය වුණු  අතිරේක පස්වෙනි විනාඩියේදී රැස් කළ ගෝලය ශ්‍රී ලංකාවට මෙම තරගය සම කිරීමට ප්‍රමාණවත් විය.

මෙම තරගාවලියේ මූලික වටයේදී බංග්ලාදේශය (1-0), නේපාලය (3-0) හා ඉන්දියාව (4-0) සමග තරග තුනට ශ්‍රී ලංකාව පරාජයට පත්වීමෙන් එහි වැඩිම ප්‍රසාද ලකුණුලාභින් දෙදෙනා නිර්දේශ කරගන්නා අවසන් මහ තරගයේ අවස්ථාව අද තරගයට පෙරදීම ගිලිහී ගොස් තිබුණි.

ප්‍රතිවාදී මාලදිවයින ද ඒ වන විට තරගාවලියේ කිසිදු තරගයක් ජය ගැනීමට අපොහොසත්ව සිටියේය.

එහිදී කේෂාන් තරගාවලියේදී ශ්‍රී ලංකාව අත්කර ගත් එකම ගෝලය ලැබීමට භාග්‍යවන්ත විය.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර අද තරගය නිමාවට පත්වීමෙන් පසුව නිකුත් වූ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව බංග්ලාදේශය හා නේපාලය එහි ලකුණු 9ක් හා 6ක් ලබමින් පළමු හා දෙවැනි ස්ථානවල පසුවිය.

කෙසේ වුවත් ඒ වනවිට නේපාලය හා ඉන්දියාව අතරත්, බංග්ලාදේශය හා නේපාලය අතරත් ඉන්දියාව  මාලදිවයින අතරත් මූලික වටයේ තවත් තරග දෙකක් පැවැත්වීමට ඉතිරිව තිබුණි.

ඒ අනුව අගෝස්තු -  5 වැනිදා පැවැත්වෙන මෙහි අවසන් මහ තරගය සඳහා ගියවර ශූරයන් (2019) වන ඉන්දියාව ඇතුළු නේපාලය හා  බංග්ලාදේශය අතර තියුණු සටනක් ඇතිවී තිබුණි.

ඊයේ මාලදිවයින සමග පැවති තරගයත් සමග තරගාවලියේ ශ්‍රී ලංකාවේ තරග වැදීම අවසන් විය. 


අදහස් (0)

ශ්‍රී ලංකා - මාලදිවයින් තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.