Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා - නේපාල තරගය හෙට

ශ්‍රී ලංකා - නේපාල තරගය හෙට

editorial - 2022 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාවේ ‘බුසුබනේජවර්’ නුවරදී දැන් පැවැත්වෙන දකුණු ආසියානු (සාෆ්) වයස 20 න් පහළ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව හා නේපාලය අතර තරගය හෙට (27) රාත්‍රී 7 ට ආරම්භවේ.

රටවල් පහක සහභාගීත්වයෙන් ලබන අගෝස්තු 5 වනිදා දක්වා බුසුබනේජවර් නුවරදී පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවට ඊයේ (25) මුහුණ දුන් පළමු තරගයෙන් බංග්ලාදේශයට ගෝල 1-0 කින් පරාජයට පත්විය.

හෙට ශ්‍රී ලංකාවට මුණ ගැසෙන නේපාලය මෙම තරගාවලියේ 2015 හා 2017 ශූරතාව දිනා ගත් කණ්ඩායමයි. තරගාවලියේ මූලික වටයේ තෙවැනි තරගයට ශ්‍රී ලංකාව සිකුරාදා (29) පස්වරු 4 ට මුහුණ දෙන්නේ ඉන්දියාවට එරෙහිවය. ඉන්දියාව ගියවර (2019) තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.

ඊයේ (25) පැවැති තරගයකදී නේපාලය විසින් මාලදිවයින ගෝල 4-0 කට පරාජය කරන ලදී. ඒ අනුව වඩාත් ප්‍රබල තත්ත්වයක් ලබමින් ඔවුන් අද ශ්‍රී ලංකාවට මුහුණ දේ.

ප්‍රසාද ලකුණු සටහනට අනුව ඒ වන විට නේපාලය හා බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 3 බැගින් ලබා එහි සම තත්ත්වයේ පසු විය. මෙම තරගාවලියේ අවසන් මහ තරගයට කණ්ඩායම් දෙක නිර්දේශ වන්නේ අවසන් පූර්ව වටයකින් තොරවය.

ඒ මූලික වටයේ තරග ප්‍රතිඵලයන්ට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථාන ලබන දෙපිල අතරය. අගෝස්තු 5 වැනිදා රාත්‍රි 7 ට එම තරගය පැවැත්වේ.


අදහස් (0)

ශ්‍රී ලංකා - නේපාල තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.