Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශිෂ්‍ය පාපන්දු විනිසුරු ධුරයට ධර්මාශෝකයේ ළහිරු

ශිෂ්‍ය පාපන්දු විනිසුරු ධුරයට ධර්මාශෝකයේ ළහිරු

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සියවසක් සපිරුණු අමබලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පළමු ශිෂ්‍ය පාපන්දු විනිසුරුවරයා ලෙස පත්වීමට එම විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ළහිරු මල්ෂාන් මානවඩු වික‍්‍රමසිංහ සමත්ව සිටියි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවූ ශිෂ්‍ය පාපන්දු විනිසුරුවරුන් තේරීමේ තරග විභාගයෙන් ඔහු සමත්වී ඇත.

ධර්මාශෝක විද්‍යාලයේ වයස 19 න් පහළ පාපන්දු කණ්ඩායමේ නායකයා වන ළහිරු දකුණු පළාතේ වයස 19 න් පහළ පාපන්දු කණ්ඩායමේද කී‍්‍රඩා කරයි.

පාපන්දු කී‍්‍රඩාවෙන් තමාට මෙතරම් දුරක් පැමිණීමට අතහිත දුන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දකුණු පළාත් සම්බන්ධීකරණ නිලධාරී පාපන්දු විනිසුරු ඉඳුනිල් එදිරිවික‍්‍රමසූරිය මහතාට ළහිරු සිය කෘතඥතාව පළ කර සිටියි.


අදහස් (0)

ශිෂ්‍ය පාපන්දු විනිසුරු ධුරයට ධර්මාශෝකයේ ළහිරු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.