Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වෙනිසියුලානු පිලේ 12 කට කොරෝනා

වෙනිසියුලානු පිලේ 12 කට කොරෝනා

editorial - 2021 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙනිසියුලානු පාපන්දු කණ්ඩායම පුහුණුවීම් කරමින් ...

 

වෙනිසියුලානු ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 12 දෙනෙකුට කොවිඩ් -19 වයිරසය අසාදනය වී ඇතැයි බලධාරීහු පවසති. කෝපා ඇමරිකා පාපන්දු තරගාවලිය හෙවත් දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයට දිනයකට පෙර මෙම තත්ත්වය ඇතිවී තිබේ.

ලෝකයේ පැරණිතම අන්තර්ජාතික පාපන්දු තරගාවලිය ලෙසින් සැලකෙන දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ ආරම්භක තරගය එහි සත්කාරක රට වන බ්‍රසීලය සහ වෙනිසියුලාව අතර හෙට (ඉරිදා) පැවැත්වීමට නියමිතව තිබිණ.

දකුණු ඇමරිකානු පාපන්දු තරඟාවලියට අයහපත් ආරංචියක් නිකුත් කරමින් බ්‍රසීලයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සිකුරාදා රාත්‍රියේ දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය වෙත මෙම තොරතුරු නිකුත් කරනු ලැබ ඇත.

- 213

 


අදහස් (0)

වෙනිසියුලානු පිලේ 12 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.