Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රොනාල්ඩෝගේ දස්කම් පෘතුගාලය දිනවයි

රොනාල්ඩෝගේ දස්කම් පෘතුගාලය දිනවයි

editorial - 2022 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යූරේපීය පාපන්දු සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන යූරෝපා පාපන්දු ලීගයේ ස්විට්සර්ලන්තය සහ පෘතුගාලය අතර ඊයේ (5 වැනිදා) පැවැති තරගය ගෝල 4-0 ක් ලෙස ජයගැනීමට පෘතුගාලය සමත් විය. එහිදී තරගයේ වීරයා බවට පත්වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල ද්විත්වයක් වාර්තා කළේය.

පළමු අර්ධය නිමාවට පත්වන විටත් ගෝල 3-0 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට පෘතුගාලය සමත්ව සිටියේය. තරගයේ 15 වැනි විනාඩියේදී විලියම් කාවැලෝ පෘතුගාලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර 35 වැනි 39 වැනි විනාඩිවලදී රොනාල්ඩෝගේ ගෝල ද්විත්වය වාර්තා විය.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 23 ක් ගතවන විට එනම් 68 වැනි විනාඩියේදී පෘතුගාලය වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කිරීමට ජොආවෝ කැන්සෙලෝ සමත් විය. එම ගෝලයත් සමග නියමිත කාලය අවසන් වන විට ගෝල 4-0 ක් ලෙස තරගය ජයගැනීමට පෘතුගාලය හැකි විය.

-036


අදහස් (0)

රොනාල්ඩෝගේ දස්කම් පෘතුගාලය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.