Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football යුක්රේන - ස්කොට්ලන්ත තරගය ජූනි 01 දා

යුක්රේන - ස්කොට්ලන්ත තරගය ජූනි 01 දා

editorial - 2022 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියානුවන් විසින් ආක්‍රමණය කරන ලද නමුත් යුක්රේන පාපන්දු කණ්ඩායම ජූනි මස 01 වැනිදා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ පාපන්දු තරගයට මුහුණ දීමට සූදානමින් සිටී. මෙම තරගය ස්කොට්ලන්තයේදී පැවැත්වීමට නියමිතය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ කාලසටහන අනුව මෙම තරගය පසුගිය මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, රුසියානුවන් විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලැබීම හේතුවෙන් තරගය කල්දැමීමට සිදුවිය.

යුක්රේන පාපන්දු කණ්ඩායම, මේ වන විට ස්ලොවේනියාවේ පුහුණුවීම් කරමින් සිටී. මේ සතියේදී ඔවුන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර බලා යන්නේ මේ වසර අගදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ස්ථානයක් දිනාගැනීමේ අපේක්‍ෂාවෙනි.

යුක්රේන කණ්ඩායමේ සූදානම් වීම ගැන දන්නා ස්කොට්ලන්ත පුහුණුකරු ස්ටීව් ක්ලාක් මහතා පවසන්නේ තරගයට සූදානම් වීම තමන්ගේ කාර්යයක් බවයි.

රුසියානු - යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව බොහෝ දෙනාගේ සිතිවිල්ල වූයේ යුක්රේනය මෙම තරගයට සූදානම් නොවනු ඇති බවයි. එහෙත් දැන් තරගය යථාර්තයක් වෙමින් තිබේ. මෙම තරගයේදී යුක්රේනය පරාජය කිරීමට ස්කොට්ලන්තයට හැකිවුවහොත්, ඔවුන් ජූනි මස 5 වැනිදා කාඩීෆ් නුවරදී වේල්ස් කණ්ඩායම හා තරග වදිනු ඇත.

ස්කොට්ලන්තය අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගතකිරීම් අනුව 39 වැනි ස්ථානයේ සිටී. එහෙත් 1998 සිටම, පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ස්ථානයක් සොයාගැනීමට ස්කොට්ලන්තයට නොහැකි වී තිබේ.

 

- 213

 


අදහස් (0)

යුක්රේන - ස්කොට්ලන්ත තරගය ජූනි 01 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.