Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මාලදිවයින් පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

මාලදිවයින් පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

editorial - 2025 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාත්‍යන්තර සුහද තරග දෙකකට සහභාගිවීම සඳහා මාලදිවයින් ජාතික පාපන්දු කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට 9 වැනිදා දක්වා අතර කාලය තුළදී කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී එම තරග දෙක පැවැත්වීමට සත්කාරක ශ්‍රී ලංකා පාපන්දු ආයතනය කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් මාලදිවයින හා භූතානය සමග දකුණු ආසියානූ සුපිරි කුසලාන (සුපර් කප්) තුන් කොන් තරගාවලිය පැවැත්වීමට ගත් උත්සාහය සාර්ථක නොවීමෙන් පසුව දෙරට අතර එම සුහද ජාත්‍යන්තර තරග දෙක පැවැත්වේ.

ඊට හේතුව භූතානය ඊට සහභාගි කර ගැනීමට දැරූ උත්සාහය සාර්ථක නොවීමය.වසර 2023 ජූනි මාසයේ මාලේ නුවරදී දෙරට අවසන් වරට ආසියානු කුසලාන නිර්දේශ තරග වටයේ මුණ ගැසීමෙන් පසුව ඔවුන් දෙරට මුණ ගැසෙන පළමු අවස්ථාව මෙයයි.එහිදී මාලදිවයින ගෝල 1 - 0 කින් තරගය ජය ගෙන තිබේ.

අසූව දශකය අග භාගයේදී පමණ ශ්‍රී ලංකාවෙන් පාපන්දු ක්‍රීඩාවේ පළමූ ගුරුහරුකම් ලබා ගත් බව කියන මාලදිවයින මේ වන විට දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවට පාපන්දු ක්‍රීඩාවෙන් දැඩි තර්ජනයක් එල්ල කරන රටක් බවට පත්ව තිබේ.

ලෝක පාපන්දු (පිරිමි - ජාතික කණ්ඩායම්) අලුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව මාලදිවයින 171 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව 196 වැනි ස්ථානයේත් පසුවේ.මෙම වසරේදී මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරග හතරකින් දෙකක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ.ඒ බෲනායිට (1- 0) හා චීන - තායිපේට (3-1) එරෙහිවය.ලාඕසය (1-2) හා තායිලන්තය (0-1) සමග සෙසු තරග දෙක පරාජයවී තිබේ.

ශ්‍රී ලංකාව ලබන ඔක්තෝබර් 9 වැනිදා ආසියානු කුසලාන (2027) නිර්දේශ තරග වටයේ 'ඩී' කාණ්ඩය යටතේ තුර්ක්මෙනිස්ථානයට එරෙහිව කොළඹදී තරග වැදීමට නියමිතය.ආසන්නයේදී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් සංචිතයේ ක්‍රීඩකයන් 25 දෙනකු හා පරිවාර නිලධාරීන්ට රුපියල් මිලියන 15 කට වැඩි මුදලක් ගෙවීම් හා දිරි දීමනා ලෙස ලබාදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.


අදහස් (0)

මාලදිවයින් පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.