Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුරයේ පැවති වයස අවුරුදු 15 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහල සමත්විය. එහි බාලිකා ශූරතාව දිනාගත්තේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලයි.
බාලක අවසන් මහා තරගයේදී මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් අනුරාධපුර ශාන්ත ජෝසප් විදුහල පරාජය කරන ලදි. බාලිකා අවසන් මහ තරගයේදී කුරුණෑගල මලියදේව බාලිකා විදුහල් කණ්ඩායම විසින් කෑගල්ල පල්ලේකණුගල කණිෂ්ඨ විදුහල පරාජය කරන ලදි.
මෙම තරගාවලියට බාලක කණ්ඩායම් 480 ක් සහ බාලිකා කණ්ඩායම් 120 ක් සහභාගි වූ අතර තරගාවලිය සැප්තැම්බර් මස 14 වැනිදා සිට පැවැත්විණ. දිවයින පුරා පාසල් 600 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 9000 ක් පමණ මෙම තරගාවලියට සහභාගීවූහ.
ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගමේ සමපෝෂ වෙළද නාමයේ අනුග‍්‍රාහකත්වයෙන් පැවති මෙම තරගාවලියේ මූලික වටයේ තරග දිවයින පුරා මධ්‍යස්ථාන 30 කදී පැවැත්විණ.
එම තරග වලින් සුදුසුකම් ලැබූ බාලක කණ්ඩායම් 21 සහ බාලිකා කණ්ඩායම් 21 ක් මේ මස 11, 12 සහ 13 යන දින වලදී පැවති අවසන් වටයේ තරග වලට සහභාගීවූ අතර එතැන් සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට පැවැත්විණ.
බාලක ශූරතාවය දිනාගත් මීගමුව මාරිස්ටෙලා විදුහල් පාපන්දු කණ්ඩායම
බාලිකා ශූරතාවය දිනාගත් කුරුණෑගල මලියදේව බාලිකා විදුහල් පාපන්දු කණ්ඩායම
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.