Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බෙල්ජියමට ගෝල 3-0 ක ජයක්

බෙල්ජියමට ගෝල 3-0 ක ජයක්

editorial - 2021 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 යූරෝ 2020 පාපන්දු ශූරතාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ සෙනසුරාදා (12 වැනිදා) පැවැති තරගයකදී රුසියාවට එරෙහිව ගෝල 3-0 ක පහසු ජයක් වාර්තා කිරීමට ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම වන බෙල්ජියම සමත් විය. එම ජයත් සමග ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද බෙල්ජියමට හැකි විය.

තරගය ආරම්භ වී මිනිත්තු 10 ක් ගතවනවාත් සමග පළමු ගෝලය ලබාගත් රොමේලු ලුකාකු, බෙල්ජියමට‍ සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. එම ගෝලය ලබාගැනීමෙන් අනතුරුව රූපවාහිණී කැමරාව වෙත දිවගිය ලුකාකු “ක්‍රිස්, ක්‍රිස්, මම උඹට ආදරෙයි” යැයි පැවසීය.

ලුකාකු එලෙස පැවසුවේ මෙම තරගයට පෙර ඩෙන්මාර්කය සහ ෆින්ලන්තය අතර පැවැති තරගය අතරතුර හෘදයාබාධයක් හේතුවෙන් ක්‍රීඩාංගණය මත ඇදවැටුණ සිය මිත්‍රයා වන ඩෙන්මාර්කයේ ක්‍රිස්ටියන් එරික්සන් සිහිපත් කරමිනි. ලුකා‍කු සහ ක්‍රිස්ටියන් එරික්සන් ඉතාලියේ ‘ඉන්ටර් මිලාන්’ ක්‍රීඩා සමාජය වෙනුවෙන් වසර ගණනාවක් එකට ක්‍රීඩා කළහ.

“එරික්සන්ට සිදුවූ දෙය ආරංචි වුණ ගමන් මට ඇඬුණා. මම හුඟාක් බය වුණා. මම මගේ පවුලේ උදවියත් සමග ගත කර ඇති කාලයට වඩා කාලයක් ඔහු සමග ගත කරලා තිබෙනවා. ඇත්තටම මට මේ තරගයට ක්‍රීඩා කරන්න හිත හදාගන්න හුගක් අපහසු වුණා. මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් ඇති කියලා මම හිතනවා.” යැයි තරගයෙන් අනතුරුව ලුකාකු පැවසිය.

තරගයේ පළමු අර්ධය අවසන් වීමට පෙර 34 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත් අතිරේක ක්‍රීඩක තෝමස් මුනියර්, ගෝල 2-0 ක් ලෙස එම අර්ධය අවසන් කිරීමට බෙල්ජියමට අවස්ථාව උදාකර දුන්නේය. තරගය නිමාවීමට විනාඩි 2 ක් ඉතිරිව තිබියදී එනම් 88 වැනි විනාඩියේදී තවත් ගෝලයක් ලබාගත් ලුකාකු ගෝල 3-0 ක් ලෙස බෙල්ජියමේ ජයග්‍රහණය සම්පූර්ණ කළේය.

‍මේ අතර සෙනසුරාදා ‘ඒ’ කාණ්ඩය යටතේ ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගය ගෝල 1-1 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කිරීමට වේල්සය සමත් විය. පළමු අර්ධය නිමාවන විට දෙපිලම ගෝල ලබා නොසිටි අතර දෙවැනි අර්ධය ආරම්භවී විනාඩි 4 ක් ගතවන විට (49 වැනි විනාඩියේදී) ගෝලයක් ලබාගත් බ්‍රියල් එම්බෝලා ස්විට්සර්ලන්තය ගෝල 1-0 ක් ලෙස පෙරමුණට ගෙන ආවේය. කෙසේ වුවත් 74 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත් කීෆර් මුවර් ගෝල 1-1 ක් ලෙස තරගය සම තත්ත්වයට පත්කිරීම සඳහා වේල්සයට අවස්ථාව උදා කර දුන්නේය.

තරගාවලියේ ‘සී’ කාණ්ඩය යටතේ අද (13 වැනිදා) පැවැත්වෙන තරගවලදී ඕස්ට්‍රියාවට එරෙහිව උතුරු මැසිඩෝනියාවද, නෙදර්ලන්තයට එරෙහිව යුක්රේනයද තරග බිමට පිවිසීමට නියමිත අතර ‘ඩී’ කාණ්ඩය යටතේ පැවැත්වෙන තරගයකදී එංගලන්තයට එරෙහිව ක්‍රොයේෂියාව තරග වැදීමට නියමිතය.
 

-036


අදහස් (0)

බෙල්ජියමට ගෝල 3-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.