Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බස්නාහිරට 3-0 ක ජයක්
නිදහස් කුසලාන

බස්නාහිරට 3-0 ක ජයක්

editorial - 2022 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(සැකසුම - දමින්ද විජේසූරිය)

නිදහස් කුසලාන අන්තර් පළාත් පාපන්දු තරගාවලියේදී යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගයකදී බස්නාහිර පළාත් කණ්ඩායම විසින් ගෝල 3-0 ක් ලෙසින් මධ්‍ය පළාත් කණ්ඩායම පරාජය කරන ලදි. ශ්‍රී ලංකා පාපන්දු ආයතනය මෙම තරගාවලිය සංවිධානය කරයි.

බස්නාහිර පිලේ සජෝද් ජසූක් 43 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගැනීම නිසා තරගයේ පළමු අර්ධයේදී බස්නාහිර කණ්ඩායම ගෝල 1-0 ක් ලෙසිනි ඉදිරියෙන් සිටියේය.

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් විනාඩි 4 කට පසුව මොහොමඩ් හස්මීර් බස්නාහිර පිල වෙනුවෙන් දෙවැනි ගෝලය ලබාගැනීම නිසා බස්නාහිර කණ්ඩායම 2-0 ක් ලෙසින් ඉදිරියට ගියේය. එහෙත් 86 වැනි විනාඩියේදී හස්මීර් පිටියෙන් ඉවත් කරමින් නවීන් ජූඩ් පිටියට කැඳවීමට සුමිත් වල්පොල ගත් තීරණය බස්නාහිර කණ්ඩායමට ඉතාමත් වාසිදායක එකක් විය.

තරගයේ අතිරේක කාලයේ 3 වැනි විනාඩියේදී නවීන් ජූඩ් ලබාගත් ගෝලය හේතුවෙන් බස්නාහිර ක්‍රීඩකයෝ 3-0 ක් ලෙසින් තරගය ජයග්‍රහණය කළහ.


ඡායාරූප - ශ්‍රී ලංකා පාපන්දු ආයතනය අනුග්‍රහයෙනි
 

 


අදහස් (0)

බස්නාහිරට 3-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.