Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පෝට් සිටියේ පාපන්දු පිටියක්

පෝට් සිටියේ පාපන්දු පිටියක්

editorial - 2022 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ වරාය නගරයේදී (පෝට් සිටි) දකුණු ආසියාවේ හොඳම අන්තර් ජාතික පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඉඩමක් ලබාදීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට ප්‍රතිඥා දී තිබේ.

කොළඹ වරාය අවට මුහුද ගොඩ කිරීමෙන් දැනට ඉදිවෙමින් පවතින වරාය නගරය චීන රජයේ මහා පරිමාණ ආයෝජනයකි. එහි භූමියෙන් අක්කර 600ක වපසරියක් ශ්‍රී ලංකා රජයේ ආයෝජන සඳහා වෙන්කර දී තිබේ. රජයට අයත් එම භූමි භාගයේ කොටසක මෙකී අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාංගණය ස්ථාපිත කිරීමේ දී ඒ සඳහා ආයෝජකයකු සම්බන්ධ කර ගැනීමට කටයුතු කෙරේ.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී ශ්‍රී ලංකා පාපන්දු සාභාපති ජස්වර් උමාර් මහතා පැවැසුවේ ක්‍රීඩා ඇමැතිවරයා ද සම්බන්ධ කර ගනිමින් අදාළ පාර්ශ්ව කීපයක් සමග ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා වට කීපයක් ඉදිරියේ දී පැවැත්වෙන බවයි.


අදහස් (0)

පෝට් සිටියේ පාපන්දු පිටියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.