Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාසල් සත් සාමාජික පාපන්දු තරග 26 දා

පාසල් සත් සාමාජික පාපන්දු තරග 26 දා

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සහිරා විදුහල් ආදි ශිෂ්‍ය නායකයන්ගේ සංගමය අඛණ්ඩව නවවැනි වරට සංවිධානය කරන ‘සහිරා සුපිරි 16’ ආරාධිත පාසල් සත් සාමාජික පාපන්දු තරගාවලිය මේ මස 26 වැනිදා පෙරවරු 8.30 සිට සහිරා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු පිටියේ ප‍්‍රබලතම කණ්ඩායම් 16 ක් සහභාගි වන මෙම තරගාවලියට උතුරු පළාත නියෝජනය කරමින් යාපනය මනිපායි හින්දු විදුහල ආරාධනා ලබා සිටියි. මුලික වටයේ තරග කණ්ඩායම් හතර බැගින් කාණ්ඩ හතරක් යටතේ ලීග් ක‍්‍රමයට පැවැත්වේ.

තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගන්නා පාසලට ‘සාම කුසලාන’ සමගින් රුපියල් 50,000 ක් ද, අනු ශූරතාව සඳහා රුපියල් 30,000 ක් ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 25,000 ක් ද, පිරිනැමේ.

පළඟ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 20,000 ක් සහ අනු ශූරතාවයට රුපියල් 15,000 ක් ද, බදුන ශූරතාව සඳහා රුපියල් 12,500 ක් සහ අනු ශූරයන්ට රුපියල් 10,000 ක් ද, පළිහ ශූරතාව සඳහා රුපියල් 7,500 ක් සහ අනු ශූරයන්ට රුපියල් 5,000 ක් ද, පිරිනැමීමට නියමිතය.

අවසන් තරගයේ වීරයාට, තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයාට, දක්‍ෂතම දැල් රකින්නාට සහ වටිනාම ක‍්‍රීඩකයාට විශේෂ ත්‍යාග පිරිනැමීමට නියමිතය.

සහිරා විදුහල් ආදි ශිෂ්‍ය නායකයන්ගේ සංගමයේ 10 වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබීම නිසා ‘මම ශ්‍රී ලාංකිකයි, සාම කසලාන සඳහා ක‍්‍රීඩාව’ යන තේමාව යටතේ මෙම තරගාවලියට විශේෂ අංග රැසක් එකතු කර තිබේ.

තරගාවලියට අරාධනා ලැබූ පාසල්:
කොළඹ ආනන්ද විදුහල, කින්නියා අල් අක්සා විදුහල, කොළඹ ඞී. එස්. සේනානායක විදුහල, කඳාන මැසිනොද් විදුහල, කොළඹ හින්දු විදුහල, කළුතර සිරිකුරුස විදුහල, ඉසිපතන විදුහල, යාපනය මනිපායි හින්දු විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල, කෑගල්ල ශාන්ත මරියා විදුහල, මාතර ශාන්ත තෝමස් විදුහල, වෙස්ලි විදුහල, කොළඹ සහිරා විදුහල සහ මාවනැල්ල සහිරා විදුහල

 

ඡායාරෑපය - ඒෂාන් ප‍්‍රනාන්දු


අදහස් (0)

පාසල් සත් සාමාජික පාපන්දු තරග 26 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.