
(නාමල් පතිරගේ)
මීට ස්වල්ප මොහොතකට පෙර ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වා අවසන් වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී එහි සභාපති ධුරයට හිටපු සභාපතිවරයකු වන ජස්වර් උමාර් මහතා තේරී පත් විය.
ජයග්‍රාහි ජස්වර් උමාර් මහතාගේ පාර්ශ්වය ඡන්ද 45 ක් ලබාගත් අතර ප්‍රතිවාදි සභාපති අපේක්ෂක දක්ෂිත සුමතිපාල මහතාගේ පාර්ශවය ඡන්ද 20 ලැබිය.
දැඩි පොලිස් රැකවරණ මැද පාපන්දු නිලවරණය අද පස්වරු 3.00 ට ආරම්භ විය. පාපන්දු ලීග 67 ක් ඊට සහභාගි වූහ.
ජස්වර් උමාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාපන්දු විධායක සභාවේ සාමාජික සංඛ්‍යාව 12 කි. සභාපති ජස්වර් උමාර් මහතා ඇතුළු නව විධායක සභාවේ නිල කාලය සිව් වසරකට බල පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.