Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු සංචිතය පුහුණුවීම් අරඹයි

පාපන්දු සංචිතය පුහුණුවීම් අරඹයි

editorial - 2021 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔක්තෝබර් මාසයේදී ආරම්භ වන දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ඉලක්ක කරමින් ක්‍රීඩකයන් 29 දෙනකුගෙන් සමන්විත පුහුණු සංචිතයක නේවාසික පුහුණුකිරීම් ආරම්භ වී තිබේ. අලුතෙන් ඉදිකරන ලද කැළණිය පාපන්දු සංකීර්ණයේදී මෙම පුහුණුවීම් පැවැත්වේ.

පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ක්‍රීඩකයෝ සියලු දෙනා සහ පුහුණු කාර්ය මණ්ඩලය, පැය 72 ක කාල පරතරයක් සහිතව, පී.සී.ආර්. පරීක්‍ෂණ දෙකකට මුහුණ දුන්හ. පී.සී.ආර් පරීක්‍ෂණ කිරීමට පෙර ක්‍රීඩකයන් සියලු දෙනාම හෝටලයක නතර කරවන ලදි.

මෙම ක්‍රීඩකයන් සියලු දෙනාම සති තුනක කාලයක් එක දිගට පුහුණුවීම් කිරීමට නියමිතය. ශ්‍රී ලංකා සම්භවයක් ඇති තවත් ක්‍රීඩකයන් දෙදෙනකු වන මර්වින් හැමිල්ටන් සහ ඩිලොන් ද සිල්වා, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නීති රීති ප්‍රකාරව,  තරගයට දින 7 කට පෙර ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇත.

මූලික පී.සී.ආර්. පරීක්‍ෂණ වලදී කොරෝනා වයිරසය ආසාදිත බවට තහවුරු වූ ක්‍රීඩකයන් තිදෙනකු පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. සෙසු ක්‍රීඩකයෝ සියලු දෙනාම මනා ශාරීරික යෝග්‍යතාවකින් මෙන්ම මානසික සුවයෙන් සිටිති.

දකුණු ආසියානු (සාෆ්) පාපන්දු තරගාවලිය ඔක්තෝබර් මස 1 වැනිදා සිට 16 වැනිදා දක්වා මාලදිවයිනේදී පැවැත්වෙයි.


ශ්‍රී ලංකා පාපන්දු සංචිතය

-213

 


අදහස් (0)

පාපන්දු සංචිතය පුහුණුවීම් අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.