Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු විශේෂ මහ සභාව හෙට

පාපන්දු විශේෂ මහ සභාව හෙට

editorial - 2022 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත  සම්මත කෙරෙන විශේෂ මහ සභා  රැස්වීමක් හෙට (22) පෙරවරු 10ට වත්තල ෆර්ගසස් රිෆ් හෝටලයේ දී පැවැත්වේ. ඒ සඳහා කෙටුම්පත නිරීක්ෂණයට දිවයිනට පැමිණ සිටින අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ  හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන් තිදෙනා ද සහභාගිවීමට නියමිතය.

ගම්පොල, කිලිනොච්චිය හා රාජ්‍ය සේවා යන පාපන්දු  ආයතනය වාරණයට ලක් කර තිබෙන පාපන්දු ලීග තුන හැරෙන්නට ඒ සඳහා සෙසු සියලුම පාපන්දු ලීග ආරාධනා ලබා තිබේ.

නව ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වීමෙන් පසුව ක්‍රීඩා ඇමැතිවරයාගේ විශේෂ විධානයක් ද ලබා ගනිමින් ලබන ඔක්තෝබර් 25 වැනිදාට පෙර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2022-26) කැඳවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි.

පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථා  සම්මත වීමෙන් පසුව එහි විධායක සභාව 13 දෙනකුට සීමා වේ. එහි විශේෂත්වය වන්නේ නිලවරණයෙන් පත් කර ගන්නා ලේකම්වරයකු හා භාණ්ඩාගාරිකවරයකු වෙනුවට වැටුප් ලබන පරිපාලන ලේකම්වරයකු හා මුල්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂවරයකු විධායක සභාවට ඇතුළත්වීමයි.

සභාපති ධුරය හැරෙන්නට විධායක සභාවේ උප සභාපතිවරු සිවු දෙනෙක් නියෝජනය ලබති.  විධායක සභාවේ එක් සාමාජිකයකු අනිවාර්යයෙන්ම  කාන්තාවක් විය යුතුය.

මේ අතර පාපන්දු  ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධන ගැන  ‘ලංකාදීප’ය කළ විමසුමක දී එහි සභාපති ජස්වර් උමාර් මහතා මෙසේ පැවසීය.

‘‘වසර 35කින්  හරියාකාරව සංශෝධනය වෙලා නැති  පාපන්දු ආයතනයේ ව්‍යවස්ථාව තුනෙන් දෙකක බලයකින් සම්මත කර ගන්න අපට හැකියාව ලැබෙන බව විශ්වාසයි. 2002 දී එය සුළු වශයෙන් වෙනස් කළා.

වසර 2014 දී ශ්‍රී ලංකා ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස මෙරටට ජාත්‍යන්තර සම්මේලනය දැනුම් දුන්නා. එවිට මෙරට සභාපතිවරයා වුණේ රංජිත් රුද්‍රිගු මහතායි. පස්සේ ආපු අනුර ද සිල්වා මහතාත් මේ කටයුත්තට උනන්දු වුණේ නෑ.

නව ව්‍යවස්ථාව මගින් පාපන්දු ආයතනයේ මූල්‍ය පරිපාලනය, නිලවරණ ක්‍රමය හා අනු කමිටු ස්වාධීනත්වය  වඩාත් තහවුරු වෙනවා’ නව ව්‍යවස්ථා කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යාංශයේ නිරීක්ෂණයට හා සියලුම පාපන්දු ලීගවල අවධානයට යොමු කළේ පසුගිය මැයි මාසයේදීයි.’’යැයි පැවසීය.

 


අදහස් (0)

පාපන්දු විශේෂ මහ සභාව හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.