Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පළමු තරගයෙන් යේමනයට ජය

පළමු තරගයෙන් යේමනයට ජය

editorial - 2023 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ )

සවුදි  අරාබියේ අබා නුවරදී ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ  නිමාවට පත්වූ  ශ්‍රී ලංකාව හා යේමනය අතර ලෝක  කුසලාන (2026) සුදුසුකම්  නිර්දේශිත කලාපීය පළමු  පාපන්දු තරගයෙන් යේමනය ගෝල 3 - 0 ක ජයක් ලබා ගත්තේය.

තරගයේ පළමු  අර්ධයේ 33 වැනි විනාඩියේදී යේමනය පළමු ගෝලය ලැබීමෙන් ඔවුන් 1 - 0 කට එහි පෙරමුණ  ගත්තේය. 67 හා අතිරේක කාල 93 වැනි විනාඩි වලදී සෙසු  ගෝල  වාර්තා කල  යේමනය තරගය පහසුවෙන් ජය ගැනීමට  සමත් විය.

දෙරට අතර මෙම තරග වටයේ අදියර 2 තරගය ඔක්තෝබර්  17 වැනිදා කොළඹ  සුගතදාස පිටියේදී  පැවත්වේ.

එම තරගය අවම ගෝල 4 - 0 පරතරකින් ජය ගැනීමෙන් පමණක්  ශ්‍රී  ලංකාවට  2026 මීලග ලෝක  කුසලාන සුදුසුකම්  දෙවැනි  වටය ට පිවිසිය හැකිය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්  දෙදෙනකු  මෙම  තරගයේදී විනිසුරු  වෙතින්  දැඩි  අවවාද  ලබන කහ කාඩ්පත  ලැබුහ.


අදහස් (0)

පළමු තරගයෙන් යේමනයට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.