Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2013 අගොස්තු 31 සිට සැප්තැම්බර් 11 දින දක්වා නේපාලයේ පැවති සාෆ් පාපන්දු තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ පාපන්දු කණ්ඩායමේ දුර්වලතාවය පිළිබඳ නිරීක්‍ෂණය
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවේ නියෝගයක් මත තාක්‍ෂණික කමිටු සාමාජික ක්ලෙමන්ට් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ එහි සභාපතිවරයාගේ සහ අනෙකුත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් විමර්ශනයක් සිදු කරන ලදී.
මේ සම්බන්ධයෙන් බැංකොක් සිට ශ්‍රී ලංකාවට ආපසු එවනු ලැබූ ක‍්‍රීඩකයන් සිව්දෙනා ඇතුළු සම්පූර්ණ ජාතික කණ්ඩායම ගෝල රකින්නන්ගේ පුහුණු කරු මෙම කමිටුව විසින් කැඳවා සම්මුඛ සාකච්ඡවකට භාජනය කරන ලදී. ප‍්‍රධාන පුහුණුකරු, පුහුණුකරු, කළමනාකරු සහ භාෂා පරිවර්තක කැඳවනු ලැබූ නමුත් සම්මුඛ සාකච්ඡුාවක් සඳහා නොපැමිණෙන ලදී.
සම්මුඛ සාකච්ඡවේදී ක‍්‍රීඩකයන්ගෙන් පහත සඳහන් කරුණු හෙලිවුණි.
I ප‍්‍රධාන පුහුණුකරු 2013/08/24 දින කණ්ඩායම සහ නිලධාරීන් සමග බැංකොක් හිදී රැුස්වීමක් පවත්වා කිසිදු ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් සංගමයේ සභාපති, ලේකම් හා අනුර ද සිල්වා හැරෙන්නට වෙනත් කිසිවෙකුට පිළිතුරු දීමට බැඳී නොසිටින බවත්, කණ්ඩායම සහ කණ්ඩායම් නායක නම් කිරීම සහ ඒ සම්බන්ධයෙන් සියලූ කරුණු සම්බන්ධ පූර්ණ බලධාරියා තමා බවත් අවධාරණය කොට ඇත.
II ප‍්‍රධාන පුහුණුකරු ඉහත සඳහන් කළ ආකාරයටම ක‍්‍රියා කරමින් ඉහළ සුදුසුකම් ඇති ගෝල රකින්නන්ගේ පුහුණුකරුගෙන් නොවිමසා සියලූ තරග සඳහා ගෝල රකින්නන් නම් කර ඇති අතර සංචිතය සඳහා ගෝල රකින්නන්ද නම් කර ඇත.
III ප‍්‍රධාන පුහුණුකරුගේ ඉහත කී ආකල්පය ශ්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය විනාශ කරමින් තරග පරාජය වීමට ප‍්‍රධාන හේතුව වී ඇත.
IV ශ්‍රී ලංකා කණ්ඩායම තුවාල ලැබූ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක්ද ඇතුලූ 24 දෙනෙකුගෙන් සමන්විත විය. බැංකොක් හි පැවති පුහුණු තරග වලින් පසු ක‍්‍රීඩකයන් 4 දෙනෙක් ආපසු කොළඹ එවනු ලැබූ අතර ඔවුන් නේපාලයේ සාෆ් තරගාවලිය සඳහා යවනු ලැබූ ක‍්‍රීඩකයින්ට වඩා හොඳ ක‍්‍රීඩකයන් වූහ. ඔවුන් අතර තුවාල ලබා සිටි වරකාගොඩ නම් ක‍්‍රීඩකයාද විය.
V බැංකොක් හී පැවති පුහුණු තරගවලදී හොඳින් දක්‍ෂතා පෙන්නුම් කළ ද තමාට හෝ උප නායකයාට හෝ වෙනත් කිසිම ක‍්‍රීඩකයෙකුට තමා ගේ දුක් ගැනවිලි කිසිවක් ඉදිරිපත් කිරීමට ප‍්‍රධාන පුහුණුකරු ඉඩ නොදුන් අතර එය කණ්ඩායම් හැඟීම බිඳ වැටීමට හේතු වූ බව කණ්ඩායම් නායකයා ප‍්‍රකාශ කරන ලදී. තවද ප‍්‍රධාන පුහුණුකරුගේ පුහුණු කිරීම් පිළිගත හැකි මට්ටමක නොතිබුණු නමුත් ඔහු ලබා දුන් ශාරිරික පුහුණු කිරීම් (Physical Training) හොඳ මට්ටමක තිබුණ බව හෙළි විය.
ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරගය
ඉහත තරගය විශාල පරතරයකින් පරාජය විය. (ගෝල 10 ට 0 වශයෙන්) ක‍්‍රීඩකයන් මේ සම්බන්ධ පල කල හේතුව වන්නේ අප හට නොගැලපෙන ෆ්ලැට් 4 ක‍්‍රමය (Flat - 4 System) සහ ගෝල රකින්නා අතර විශාල විවෘත ප‍්‍රදේශයක් ඇති කළ බවයි. ජාතික කණ්ඩායමට පන්දුව අහිමි වූ අවස්ථාවලදී පවා ෆ්ලැට් 4 ක‍්‍රමය පවත්වාගෙන යාමට ප‍්‍රධාන පුහුණුකරු බල කළ අතර මෙම දුර්වලතාවයෙන් ප‍්‍රතිවාදීන් උපරිම වාසි ලබාගෙන ජාතික කණ්ඩායමට එරෙහිව ගෝල රැස්කරන ලදී. මේ තරගය සඳහා ගෝල රකින්නා ප‍්‍රධාන පුහුණුකරු විසින් ගෝල රකින්නන්ගේ පුහුණුකරු නොවිමසා තනිවම පත්කරන ලදී. තරගයේ ප‍්‍රථම විනාඩි 5 ඇතුළතදී විනිශ්චයකරු විසින් රතු කාඞ්පත පෙන්වනු ලැබූ අත්දැකීම් රහිත ගෝල් රකින්නකු ප‍්‍රථම වතාවට තම රට නියෝජනය කිරීම සඳහා තෝරාගෙන ඇත.
චතුර ගුණරත්න
උපනායක ”පොඩි” විශේෂයෙන් පෙන්වා දුන්නේ ප‍්‍රධාන පුහුණුකරු ෆ්ලැට් 4 ක‍්‍රමය බලකිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ක‍්‍රීඩකයන් අත පන්දුව රැඳී ඉදිරියට ගමන් කරද්දී පවා ක‍්‍රීඩකයන් අතර පන්දුව යැවීමට නොහැකි වූ බවත්, එම නිසා ගෝල් රකින්නා වෙත පන්දුව ආපසු යැවීමට සිදු වූ බවත්ය.
රවුමි
අවුරුදු 12 ක් ශ්‍රී ලංකාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු වන මොහු ප‍්‍රකාශ කළේ තමා මාලදිවයිනේ වෘත්තීය පාපන්දු ක‍්‍රීඩා කර ඇති බැවින් සිය අත්දැකීම් මගින් මාලදිවයින් කණ්ඩායම ඉතා ශක්තිමත් කණ්ඩායමක් බව ප‍්‍රධාන පුහුණුකරුට දැනුම් දුන් නමුත් ඔහු එම කරුණ සැලකිල්ලට නොගත් බවයි.
තවද ගෝල් රකින්නන් පුහුණු කරන්නා සහ ප‍්‍රධාන පුහුණුකරු අතර ඇති වූ සිද්ධිය පිළිබඳව කණ්ඩායමෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළි වූයේ ගෝල් රකින්නන්ට ප‍්‍රධාන පුහුණුකරු දුන් උපදෙස් ඔවුනට නොවැටහුණු අවස්ථාවේදී ප‍්‍රධාන පුහුණුකරු පැවසූ දෙය ගෝල් රකින්නන්ට පැහැදිලි කිරීම සඳහා ගෝල් රකින්නන් පුහුණු කරන්නා මැදිහත් වූ බවත් එය දුටු ප‍්‍රධාන පුහුණුකරු තමා ගෝල් රකින්නන්ට පැවසූ දෙයට වඩා වෙනස් දෙයක් ගෝල් රකින්නන් පුහුණු කරන්නා ගෝල් රකින්නන්ට පවසන ලදැයි සැක කොට ඔහුගේ මැදිහත්වීම වරදවා වටහාගෙන කණ්ඩායම හමුවේ ඔහුට බැණවැදුණු බවත් එයින් ප‍්‍රධාන පුහුණුකරු හා ගෝල් රකින්නන් පුහුණුකරු අතර බෙදීමක් ඇති වු බවත්ය.
තාක්‍ෂණික කමිටුවේ අදහස්
තාක්‍ෂණික කමිටුවේ සභාපතිවරයා විසින් ඉල්ලීම් ගණනාවක් කරන ලද නමුත් කණ්ඩායම තේරීමේදී , නායකයන් පත්කිරීමේදී, ක‍්‍රීඩා කිරීමේ ක‍්‍රම (Playing System) සම්බන්ධව පුහුණු සැලසුම් නිරීක්ෂණය කිරීම යනාදිය සම්බන්ධයෙන් තාක්‍ෂණික කමිටුවේ වගකීම් දැරීමේ අවස්ථාව අහිමිකරන ලද අතර තාක්‍ෂණික කමිටුවේ සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගෙන් ජාතික කණ්ඩායමේ ක‍්‍රිීඩකයන් හා ප‍්‍රධාන පුහුණුකරු සමග රැස්වීමක් ඉල්ලා සිටි නමුත් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන ලදී. පුහුණුකරුගේ ජීව දත්ත සටහන පරීක්‍ෂා කරන ලද අතර එයින් හෙලිවූයේ ඔහු අවුරුදු 36ක් වයසැති සුදුසුකම් ලත් ශාරිරික අභ්‍යාස පුහුණුකරුවකු බවයි. තවද මෙය ජාත්‍යන්තර කණ්ඩායමක ප‍්‍රධාන පුහුණුකරුවකු වශයෙන් ඔහුගේ මුල්ම පත්වීමයි.
සම්මේලනයේ සභාපතිවරයා විසින් පත් කරනු ලැබූ කළමනාකරු සිය කණ්ඩායම බැංකොක් හි තනිකොට මේ කාලසීමාව තුළ දෙවරක් කොළඹ පැමිණි අතර විදේශයකදී කණ්ඩායම සම්බන්ධයෙන් වගකීම දරනු ලබන එකම බලධාරියා වශයෙන් එසේ නොකළ යුතුව තිබුණු බව කමිටුව අවධාරණය කර සිටී.
ඉහත කී කරුණු අනුව ජාතික කණ්ඩායමේ දුර්වල ක‍්‍රීඩා විලාසය සම්බන්ධව තාක්‍ෂණික කමිටුව වග නොකියන අතර ප‍්‍රධාන පුහුණුකරුගේ අදහස අනුවම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා හා ලේකම්වරයා සහ අනුර ද සිල්වා මහතා වගකීම භාර ගත යුතුය.
නිර්දේශය
දේශීය පුහුණුකරුවන් දේශීය ක‍්‍රීඩකයන්ගේ මට්ටම් හොඳින් දන්නා බැවින් ඔවුන්ගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායම යටත් පිරිසෙන් වසර 03 ක කාලයක් සඳහාවත් පුහුණු කිරීම සඳහා පත්කළ යුතුයැයි තාක්‍ෂණික කමිටුව නිර්දේශ කරයි. අවුරුදු 03 ක කාලයකින් පසු දේශිය කාර්යය මණ්ඩලය සමග එක්ව ජාතික කණ්ඩායම තවදුරටත් පුහුණු කිරීම සඳහා විදේශීය පුහුණුකරවකු පත් කිරීම සලකා බැලිය හැකිය.
රෝහිත ප‍්‍රනාන්දු
සභාපති - තාක්‍ෂණික කමිටුව
ක්ලේමන්ට් ද සිල්වා
සාමාජික - තාක්‍ෂණික කමිටුව
පිටපත්
1. ක‍්‍රීඩා අමාත්‍යවරයා
2. විධායක කමිටුවේ සියලූ සාමාජිකයන්ට
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.