
නාමල් පතිරගේ
කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන (ලීග්) තරගාවලියේ සිවු වැනි අදියර වටයේදී කොළඹ නිව් ස්ටාර් ක්‍රීඩකයෝ ගම්පොල ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමට එරෙහිව ගෝල 6-0 ක ඉතා පහසු ජයක් වාර්තා කිරීමට සමත් වූහ.
ඒ පළමු අර්ධයේ ගෝල 1-0 ක් ලෙස ඔවුන් පෙරමුණ ගනිමිනි.මෙම තරගයේදී වඩාත් අවාසනාවන්ත තත්වයකට මුහුණ දුන් ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමට එරෙහිව ගෝල හයක් වාර්තා කිරීමේදී නිව් ස්ටාර් කණ්ඩායමට අතපසුවීමකින් ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩකයකු විසින් ඔවුන්ගේම දැල තුළට යොමු කළ පන්දු පහරක්ද එක් කර ගැණුනි.
ඒ අතර දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමෙන්ද එක් ගෝලයක් ඔවුන්ට එහිදී එකතු විය.විදේශීය ක්‍රීඩක ටොග්නෙබෙල් විනාඩි හයක් තුළදී එහිදී ගෝල දෙකක් රැස් කළේය.
ජාවාලේන් කණ්ඩායම විසින් ශ්‍රී ලංගම කණ්ඩායම එහිදී පැවැති තවත් තරගයකදී පරාජය කළේ ගෝල 5-0 කටය.නායක හසරංග සුමුදු හා විදේශීය ක්‍රීඩක ඔලවෙල් එහිදී ගෝල දෙක බැගින් රැස් කළේය.යාපනය ශාන්ත මේරි කණ්ඩායම මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 4-0 ක ජයක් වාර්තා කිරීමත් සිවු වැනි අදියර තරග වටයේ කැපී පෙනුණු තරගයකි.
තරග ප්‍රතිඵල
ජාවාලේන් පිල විසින් ශ්‍රී ලංගම පිල පරාජය කරන ලදී (5-0)
යාපනය ශාන්ත මේරි පිල විසින් මොරගස්මුල්ල ක්‍රී.ස.පිල පරාජය කරන ලදී (4-0)
මාවනැල්ල සෙරන්ඩිබ් පිල විසින් මීගමුව යූත් පිල පරාජය කරන ලදී (1-0)
නිව් ස්ටාර් පිල විසින් ගම්පොල ක්‍රිස්ටල් පැලස් පිල පරාජය කරන ලදී (6-0)
කුරුණෑගල පෙලිකන්ස් පිල විසින් පොලිස් පිල පරාජය කරන ලදී (1-0)
මාතර සිටි පිල විසින් බේරුවල සුපර් සන් පිල පරාජය කරන ලදී (2-1)
සති අන්තයේදී පැවැත්වීමට නියමිත තරග
(ශ්‍රී පාපන්දු ආයතනයේ නිල තරග කාල සටහනට අනුවයි - සියලු තරග කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ)
ජනවාරි 9:- පස්වරු 4.45 - ගම්පොල ක්‍රිස්ටල් පැලස් පිල හා ශ්‍රී ලංගම පිල අතර, රාත්‍රී 8.30 - මාවනැල්ල සෙරන්ඩිබ් පිල හා නිව්ස්ටාර් පිල අතර
ජනවාරි 10:- පස්වරු 4 - ජාවාලේන් පිල හා මීගමුව යූත් පිල අතර, රාත්‍රී 8 - අනුරාධපුරය සොලිඩ් පිල හා මොරගස්මුල්ල ක්‍රී.ස.පිල අතර
ජනවාරි 11:- පස්වරු 4 - යාපනය ශාන්ත මේරි පිල හා බේරුවල සුපර් සන් පිල අතර, රාත්‍රී 8 - මාතර සිටි පිල හා කුරුණෑගල පෙලිකන්ස් පිල අතර.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.