Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football දකුණු ආසියානු පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නම්කරයි

දකුණු ආසියානු පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නම්කරයි

editorial - 2025 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වත්තල - ස්ටැනිස්ලස්  පයස් )

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ  මෙහෙයවීමෙන් වයස අවුරුදු 19න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලිය මේ මස 9 වෙනිදා සිට 18 වෙනිදා දක්වා ඉන්දියාවේ යුපියා ගෝල්ඩන් ජුබිලි ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහිදී ඉන්දියාව , ශ්‍රී ලංකාව,  නේපාලය යන කණ්ඩායම් එක කාණ්ඩයකින් ද, භූතානය, බංග්ලාදේශය , මාලදිවයින යන කණ්ඩායම් තවත් කාණ්ඩයකින් ද තරඟ වැදීමට නියමිතය.

 

එම තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා වයස  අවුරුදු 19න් පහල කණ්ඩායම 
විජයරත්නම් හාරිස්  ( ශාන්ත ජෝශප් ), නඩාල් ඒරන් ( ගේට්වේ ),  මොහොමඩ්  අක්‍රම් ( ජාවාලේන් ) , රොයිසන් බ්‍රයිට් (ශාන්ත ජෝශප් ) අයිඩන් ෆ්‍රැන්සිස් ( ගේට්වේ ) , මොහොමඩ්  රිෂ්වාන් ( සහිරා ), මොහොමඩ් ෂිරාෂ් ( සහිරා ), හිරුන් මිරාශ ( මහින්ද - ගාල්ල),  අනූජ පබසර ( මහින්ද - ගාල්ල ), මොහොමඩ් රිකාෂ් (සහිරා )  මොහොමඩ්  සිද්ධික් ( හමීඩ් අල්හුසෙයිනී ), මොහොමඩ් ඉර්ෆාන් ( අල්  අමීන් -  කින්නියා ), හුසේන්  අබ්දුල්ලා ( අල් ෆරාත් - මීගමුව ), මොහොමඩ් හුසේන් (  හමීඩ් අල්හුසෙයිනි ),  ෆාරිස් උමාර් ( දරුසලම් - මඩකලපුව),  මොහොමඩ් කතීන් ( සහිරා), ඔනිත් එදිරිසිංහ ( ඕස්ට්‍රේලියාව ) , අබ්දුල්ලා ෆායිස් ( එක්සත්  අරාබි එමිර් ) ,  රෂාඩ් ෂිහාබ් ( රාජකීය ), සකාරියා සුභාරුල්ලා ( එක්සත් අරාබි එමීර් ),   අනුක් ශනිල් දසනායක (ගේට්වේ ),   අයිමන් ෂවාහීර් ( ඕස්ට්‍රේලියාව )

ප්‍රධාන කළමනාකරු - රවීන් චතුරංග,  ‍ප්‍රධාන පුහුණුකරු - ඉම්රාන් මොහොමඩ්,  සහය පුහුණුකරු - මොහොමඩ් ෆවුමි, දැල්  රැකීමේ පුහුණුකරු - ප්‍රියනාත් එදිරිසිංහ, කණ්ඩා යම් වෛද්‍ය - චතුර අකලංක එදිරිසිංහ, භෞතික චිකිත්සක - මනෝජ් දර්ශන ,  පාසල් පාපන්දු සංගමයේ නියෝජිත - ඉස්මයිල් අබ්දුල්, උපකරණ භාර නිලධාරී  - ඇන්තනිගේ රොෂාන්,  ලීග් නියෝජිත -  මොහොමඩ්  නසාර්


අදහස් (0)

දකුණු ආසියානු පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නම්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.